ප්‍රාග්ධනය විධිමත් ලෙස වර්ධනය කළයුතු බව චීන ජනපති අවධාරණය කරයි
2022-04-30 18:05:24
Share with:

ප්‍රාග්ධනය විධිමත් ලෙස වර්ධනය කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කරයි.

ඊයේ (29) චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය ප්‍රාග්ධනය පිළිබඳ අධ්‍යයන වැඩමුළුවකට එක් විය. චීන ජනාධිපති , චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම් ෂී ජින් පිං මහතා එහි මුලසුන දරමින් දේශනයක් පැවැත්වීය.

ප්‍රාග්ධනය සමාජවාදී වෙළඳපොළ ආර්ථිකයේ වැදගත් නිෂ්පාදන සාධකයක් බව හෙතෙම එහිදී කියා සිටියේ ය. නව යුගයේ විවිධ ප්‍රාග්ධනයන් හා එහි ක්‍රියාකාරීත්වයන් පිළිබඳ මනා අවබෝධයක් ලබා ගනිමින්, ප්‍රාග්ධනය විධිමත් ලෙස වර්ධනයට කටයුතු කිරීමේ අවශ්‍යතාව ෂී ජින් පිං මහතා අවධාරණය කළේ ය.චීන කොමියුනිස්ට් පක්ෂයේ 18වැනි ජාතික නියෝජිත සම්මේලනය පැවැත්වීමෙන් පසු මේ දක්වා චීනය සමාජවාදී ආර්ථික ක්‍රමය අඛණ්ඩව පූර්ණ කරමින් විවිධ ප්‍රාග්ධනයන් වර්ධනය වෙනුවෙන් වඩාත් යහපත් වෙළඳපොළ හා නීතිමය පරිසර නිර්මාණය කර තිබේ. ඒ අතරතුර රජය ප්‍රාග්ධනය පිළිබඳ මනා අවබෝධයක් ලබාගෙන ඇතැයි චීන ජනාධිපතිවරයා කියා සිටී. ප්‍රාග්ධනයේ විධිමත් වර්ධනය නියාමනය කිරීම හා ඊට නිසි මඟ පෙන්වීම, පාලක කොමියුනිස්ට් පක්ෂයේ ආර්ථික කාර්යයන්හි වැදගත් කොටසකි. විවිධ මට්ටමේ පක්ෂ නිලධාරීන් ප්‍රාග්ධනය කළමනාකරණය කිරීමේ හැකියාවන් ඉහළ නංවා ගත යුතු බව චීන ජනාධිපතිවරයා සිය දේශනයෙන් පෙන්වා දී ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම