මේ මාසයේදී මෙරට උද්ධමනය සියයට 29.8 ක් දක්වා ඉහළට
2022-04-30 15:44:49
Share with:

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය මේ මාසයේදී සියයට 29.8% ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එහිදී ආහාර කාණ්ඩයේ උද්ධමනය 46.6% දක්වා වැඩිවී ඇත. ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 22% ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම මෙරට වාර්ෂික සාමාන්‍ය උද්ධමනය මාර්තු මාසයේදී පැවතියේ  9 .1 %ක් වශයෙනි. එය මේ මාසයේදී 11.3% ක් දක්වා ඉහළ ගොස් ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම