Gaofen 03D චන්ද්‍රිකාව සාර්ථකව ගුවන්ගත කෙරේ
2022-04-30 15:18:34
Share with:

Jilin අංක එ‍කේ Gaofen 03D(04~07)/04A නමැති චන්ද්‍රිකාව සාර්ථකව ගුවන්ගත කෙරේ. අද (30) පෙරවරුවේ 11:30ට චීනයේ Long March 11 නමැති රොකට්ටුව මගින් නැගෙනහිර චීන මුහුදු ප්‍රදේශයේ දී එය නිකුත් කෙරිණ. චන්ද්‍රිකාව නියමිත කක්ෂයට සාර්ථකව ඇතුළු වූ අතර දියත් කිරීමේ මෙහෙයුම සම්පූර්ණයෙන් සාර්ථක වී තිබේ.

මෙම චන්ද්‍රිකාව ප්‍රධාන වශයෙන් ඉඩම් සහ සම්පත් සංගණනය, නාගරික සැලසුම්කරණය සහ ආපදා නිරීක්ෂණ වැනි කර්මාන්ත සඳහා වාණිජ දුරස්ථ සන්නිවේදක සේවා සපයයි.

මෙය Long March කාණ්ඩයට අයත් 418 වැනි මෙහෙයුම වීමද විශේෂත්වයකි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම