චීන කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන ලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතා මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල රැස්වීමේ මුලසුන දරයි
2022-04-29 15:47:00
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන ලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතා මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල රැස්වීමේ මුලසුන දරයි.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩලය අද (29) රැස්වීමක් පවත්වා වත්මන් ආර්ථික තත්ත්වය සහ ආර්ථික කටයුතු විශ්ලේෂණය කර අධ්‍යයනය කරමින්  "14 වැනි පස් අවුරුදු සැලැස්ම තුළ ජාතික කුසලතා සංවර්ධන සැලැස්ම" සමාලෝචනය කළේය. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම්, ජනාධිපති ෂී ජින් පිං  මහතා එම රැස්වීමේ මුලසුන දැරීය.

මෙම වසරේ ආරම්භයේ සිට, ෂී ජින්පිං මහතා සමඟ  පක්ෂ මධ්‍යම කාරක සභාවේ ශක්තිමත් නායකත්වය යටතේ, සියලුම ප්‍රදේශ සහ දෙපාර්තමේන්තු වසංගත වැළැක්වීම, පාලනය මෙන්ම ආර්ථික හා සමාජ සංවර්ධනයත්, රටේ ආර්ථික ක්‍රියාකාරීත්වයත් ඵලදායී ලෙස සම්බන්ධීකරණය කර සමස්තයක් වශයෙන් ස්ථාවර ආරම්භයක් ලබා ඇති බවට රැස්වීමේදී විශ්වාසය පළකෙරිණ.

"14 වැනි පස් අවුරුදු සැලැස්ම තුළ ජාතික කුසලතා සංවර්ධන සැලැස්ම" සකස් කිරීම පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් යොදවන ලද වැදගත් කාර්යයක් මෙන්ම මධ්‍යම කුසලතා වැඩ සමුළුවේ ආත්මය ක්‍රියාත්මක කිරීම සඳහා නිශ්චිත පියවරකි. එය,  "14 වැනි පස් අවුරුදු සැලැස්මේ" වැදගත් විශේෂ සැලසුම්ගත ව්‍යාපෘතියක් බව  මෙම රැස්වීමෙන් පෙන්වා දෙනු ලැබීය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම