ඉන්දියානු සිසුන් චීනයේ අධ්‍යාපන කටයුතු සඳහා යළි ගෙන්වා ගැනීම කෙරෙහි ඉහළ අවධානයක් යොමු කර ඇතැයි චීනය කියයි
2022-04-29 19:31:26
Share with:

ඉන්දියානු සිසුන් චීනයේ අධ්‍යාපනය සඳහා නැවත පැමිණීම සම්බන්ධයෙන්  මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්

 චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Zhao Lijian මහතා පැවසුවේ, චීනය මෙම ප්‍රශ්නය කෙරෙහි දැඩි අවධානය යොමු කරන බවයි.

ඉන්දියානු සිසුන් චීනයට යළි ගෙන්වා ගැනීමේ  කටයුතු දැනටමත් ආරම්භ වී තිබේ. දැනට චීනයට යළි පැමිණීමේ සැබෑ අවශ්‍යතාව ඇති ඉන්දියානු සිසුන්ගේ ලැයිස්තුව, ඉන්දියානු පාර්ශ්වයට ඉදිරිපත් කරන බව ද, Zhao Lijian මහතා සඳහන් කළේ ය.

වර්තමානයේ  වසංගත තත්ත්වය දරුණු හා සංකීර්ණ වී තිබේ. විදේශීය සිසුන් චීනයේ අධ්‍යාපනය සඳහා ගෙන්වා ගැනීමේදී, ජාත්‍යන්තර වසංගත තත්වයේ වෙනස්කම් සහ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු යන දෙකම ඒකාබද්ධ ව කල්පනා කළ යුතු බවත්, සියලුම ජාත්‍යන්තර සිසුන්ට මෙම  මූලධර්ම සමාන ව ප්‍රවර්ධනය කළ යුතු බවත්, Zhao Lijian මහතා අවධාරණය කළේ ය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම