ඇමරිකානු යුද සහනාධාර ණය පිළිබඳ පනත් කෙටුම්පතට එරට මහජන මන්ත්‍රී මණ්ඩලය අනුමැතිය
2022-04-29 10:20:47
Share with:

යුද සහනාධාර ණය පිළිබඳ පනත් කෙටුම්පත ඇමරිකානු මහජන මන්ත්‍රී මණ්ඩලය අනුමත කරයි.

ඊයේ (28)ඇමරිකා මහජන මන්ත්‍රී මණ්ඩලයේදී එම පනත් කෙටුම්පත, පක්ෂව ලද ඡන්ද 417කින් අනුමත කෙරිණ. විපක්ෂව ඡන්ද 10ක් ලැබී තිබිණ.

ඇමරිකානු හමුදා සහනාධාර ක්‍රියාවලිය සරල කරමින් හැකි ඉක්මණින්  යුක්රේනය වෙත යුද සහනාධාර හා යුද උපකරණ ලබා දීමට පියවර ගැනීම එම පනත් කෙටුම්පතේ ප්‍රධාන අරමුණය.

මේ වන විට අදාළ පනත් කෙටුම්පත ඇමරිකානු ජනාධිපතිවරයාගේ අත්සන සඳහා ජනාධිපති කාර්යාලයට ඉදිරිපත් කර තිබේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම