ඇමරිකාව සහ ඔස්ට්‍රේලියාවට හිසරදයක් වූ චීන-සොලමන් දූපත් ද්විපාර්ශ්වික සබඳතා
2022-04-28 21:54:31
Share with:

              පසුගිය දා චීනය සහ සොලමන් දූපත් ආරක්ෂක සහයෝගිතාව පිළිබඳ රාමු ගිවිසුමකට අත්සන් තබා ඇත. මෙම සහයෝගිතාවට බාධා කිරීම සඳහා මෑතකදී ඇමරිකාව හා ඕස්ට්‍රේලියාව නොගත් උත්සාහයක් නැත.එම ගිවිසුම අත්හිටුවීමට ඕස්ට්‍රේලියාව කිහිප වරක් සිය ඉහළ පෙළේ නිලධාරීන් සොලමන් දූපත් වෙත යවා තිබේ. ඇමරිකානු ජාතික ආරක්ෂක කොමිසමේ ඉන්දු- පැසිෆික් කටයුතු පිළිබඳ සම්බන්ධීකාරකවරයා සොලමන් දූපත් වෙත ගොස් චීන-‍සොලමන් දූපත් ආරක්ෂක සහයෝගිතා ගිවිසුම පිළිබඳව එරට නායකයන්ට පීඩන එල්ල කර ඇත.

            පැසිෆික් සාගරයේ ස්වාධීන රටක් වශයෙන්  චීනය සමග එක්ව, විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා පවත්වමින් සිය සමාජ ස්ථාවරත්වය රැක ගැනීම, සොලමන් දූපත් රාජ්‍යයේ සාධාරණ අවශ්‍යතාවයි. එහෙත් මෙවන් සාධාරණ අවශ්‍යතාව දෙස ඇමරිකාව හා ඕස්ට්‍රේලියාව බලන්නේ ඉතාම ප්‍රකෝපකාරී ආකාරයටයි. කාලාන්තරයක් තිස්සේ ඇමරිකාව හා ඕස්ට්‍රේලියාව සොලමන් දූපත්  ඇතුළු පැසිෆික් දූපත් රටවල් ස්වාධිපත්‍යය හිමි රටවල් නොව සිය පාලනයට යටත් කොටසක් වශයෙන් සැලකීමට පුරුදු ව සිටී. එබැවින් පැසිෆික් දූපත් රටවල් කා සමග සහයෝගයෙන් කටයුතු කරන්නේ ද යන්න තීරණය කිරීමේ අයිතිය තමන් සතු වන බව ඇමරිකාවේ හා ඕස්ට්‍රේලියාවේ මතය වී තිබේ. මෙම මතය තුළ ඇත්තේ යටත්විජිතවාදය හා අධිපතිවාදයයි.

             2019 වසරේ ජුනි මාසයේ චීනය හා සොලමන් දූපත්  රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපනය කළ පසු ද්විපාර්ශ්වික සහයෝගිතාව අඛණ්ඩව වර්ධනය වී ඇත. මෙය ඇමරිකාවට හා ඕස්ට්‍රේලියාවට  ඉවසිය නොහැක්කකි. එහෙත් කිසිදු දේශපාලන කොන්දේසියක් රහිතව සමානාත්මතාවය මත චීනය හා සොලමන් දූපත්  ඇතුළු පැසිෆික් රටවල් සමග ගොඩ නගා ඇති සබැඳියාවට ඇමරිකාව හා ඕස්ට්‍රේලියාව කෙතරම් බාධා කළ ද එම සහයෝගිතාව අඛණ්ඩව ඉදිරියට ගොස් තිබේ.

 

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම