චීන උප විදේශ අමාත්‍යවරයා දේශගුණික විපර්යාස පිළිබඳ චීන-පැසිෆික් දූපත් රටවල සහයෝගිතා මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවය අමතයි
2022-04-28 14:23:15
Share with:

චීන උප විදේශ අමාත්‍ය Xie Feng මහතා අද (28) දේශගුණික විපර්යාස පිළිබඳ චීන-පැසිෆික් දූපත් රටවල සහයෝගිතා මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට වීඩියෝ ආකාරයෙන් සහභාගී වී‍ දේශනයක් පැවැත්වීය. චීන රජය සහ සොලමන් දූපත් රජය අතර ආරක්ෂක සහයෝගීතා රාමු ගිවිසුමට අත්සන් තැබීම පිළිබඳව ඇතැම් රටවල් පදනම් විරහිත ප්‍රචාර පතුරුවා හැරීම සහ ඊට බාධා කිරීමට ප්‍රතිචාර වශයෙන්, Xie Feng මහතා චීනයේ ගාම්භීර ස්ථාවරය ප්‍රකාශ කළේ ය.

චීනය ආත්මාර්ථකාමී හැඟීමකින් තොරව පැසිෆික් දූපත් රටවල් සමඟ සබඳතා සහ සහයෝගීතාව වර්ධනය කරනු ඇත. "බලපෑම් ක්ෂේත්‍ර" ‍ගොඩනැගීමෙහිද, සෙසු රටවලට හිරිහැර කිරීමෙහිද බලහත්කාරී ක්‍රියාවල ද නිරත නොවන චීනය, සෑම විටම සාමය සහ සංවර්ධනය සඳහා සාධනීය බලවේගයක් ලෙසට ක්‍රියා කරයි. මෙය, කුඩා කණ්ඩායම් සංවිධාන කරමින් විවිධ රහසිගත මෙහෙයුම්වල නිරත වීම, හමුදා කණ්ඩායම් එකට එකතු කර අවි තරඟය උත්තේජනය කිරීම, න්‍යෂ්ටික ව්‍යාප්තියේ අවදානම වැඩි කරමින් කලාපීය ආතතීන්ට තුඩු දීම වැනි ඇතැම් රටවල ක්‍රියා හා මූලික වශයෙන් වෙනස් වන බව Xie Feng මහතා පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම