එමැනුවෙල් මැක්රොන් මහතා ප්‍රංශයේ ජනාධිපතිවරයා ලෙස යළි තේරී පත් වෙයි
2022-04-28 09:16:03
Share with:

ප්‍රංශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඒ බව නිවේදනය කළේ ය.

ප්‍රංශ ජනාධිපතිවරණයේ දෙවැනි වටයේදී වත්මන් ජනාධිපති එමැනුවෙල් මැක්රොන් මහතා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් යළි තේරී පත් වූ බව ප්‍රංශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ ( 27 ) නිවේදනය කළේය.

එදිනම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ජනාධිපතිවරණයේ දෙවන වටයේ ඡන්ද විමසීමේ නිල සංඛ්‍යාලේඛන ප්‍රතිඵල සිය නිල වෙබ් අඩවියෙන් ප්‍රකාශයට පත් කළේය. එමැනුවෙල් මැක්රොන් මහතා වලංගු ඡන්ද මිලියන 18.7686ක් ලබා ගෙන ඇති අතර, එය මුළු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 58.55%කි. ජාතික ලීගයේ අපේක්ෂක මැරින් ලි පන් මහත්මිය වලංගු ඡන්ද මිලියන 13.2887 ක් පමණ ලබා ගෙන ඇති අතර එය මුළු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 41.45% කි.

එමැනුවෙල් මැක්රොන් මහතාගේ නව ජනාධිපති ධුර කාලය මැයි 14 වැනිදා ආරම්භ වන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නිවේදනය කළේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම