ගෝලීය ආපදා සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළට
2022-04-27 14:35:22
Share with:

ගෝලීය ආපදා සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව එක්සත් ජාතීන්ගේ වාර්තාව පෙන්වා දෙයි

කාලගුණික විපර්යාස සහ ඇතැම් මානව හැසිරීම් වැනි සාධක හේතුවෙන් ගෝලීය ආපදා සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව ආපදා අවදානම අවම කිරීම සඳහා වන එක්සත් ජාතීන්ගේ කාර්යාලය විසින් ඊයේ (26) නිකුත් කළ වාර්තාවක දැක්වේ. 2030 වන විට ලෝකයේ විශාල හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යසනවල වාර ගණන වසරකට 560 වතාවක් දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙ‍රෙන අතර එහි දෛනික සාමාන්‍යය 1.5ක් වනු ඇත.

පසුගිය වසර 10 තුළ ගෝලීය ව්‍යසනයන් හේතුවෙන් වාර්ෂිකව සිදු වූ සාමාන්‍ය අලාභය ඇමරිකානු ඩොලර් බිලියන 170 දක්වා ඉහළ ගොස් ඇත. ආසියා ශාන්තිකර කලාපයේ ව්‍යසනවලින් බරපතළම ආර්ථික පාඩුව සිදුවූ බව එම වාර්තාවේ සඳහන් වේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම