ඇෆ්ගනිස්ථානයෙන් පිළිබිඹු වන්නේ ඇමරිකාව සෙසු රටවල ස්වාධිපත්‍යය හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ තවත් එක් නිදසුනක් පමණකි
2022-04-27 21:01:52
Share with:

 

                 මෑතකදී එක්සත් ජාතීන්ගේ ස්වාධීන මානව හිමිකම් විශේෂඥයෝ 14 දෙනෙක් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ඇෆ්ගනිස්ථාන මහ බැංකුවේ ඩොලර් බිලියන ගණනක වත්කම් ලිහිල් කරන ලෙස ඇමරිකානු රජයෙන් ඉල්ලා සිටියහ. දැනට ඇෆ්ගනිස්ථාන ජනගහණයෙන් 95%කට ප්‍රමාණවත් ආහාර නොලැබෙන බවත්, ඇෆ්ගනිස්ථානයේ මිලියන 4කට වැඩි පිරිසක් අවතැන් වී සිටින බවත්, ජාත්‍යන්තර ආයතනවල සංඛ්‍යා ලේඛනවලින් හෙළි වේ. එබැවින් ඇමරිකාව අවහිර කළ එම වත්කම් ඇමරිකාවට සුළු මුදලක් වුව ද ඇෆ්ගනිස්ථානයට නම් තීරණාත්මක මූල්‍ය සහනයක් බව කිව හැකි ය.

                  ඇෆ්ගනිස්ථානයේ යුද්ධයක් ආරම්භ කළේ ඇමරිකාවයි. වසර 20ක් පුරා පැවති එම යුද්ධය හේතුවෙන් එරට ලක්ෂයකට වැඩි සිවිල්වැසියන්ට ජීවිත අහිමි වූ අතර, මිලියන 11ක පිරිසක් සරණාගතයන් බවට පත් වූහ. පසුගිය පෙබරවාරි මාසයේ ඇමරිකානු රජය විධායක නියෝගයකට අත්සන් තැබීය. එම නියෝගය අනුව ඇෆ්ගනිස්ථාන මහ බැංකුවේ අවහිර කළ බිලියන 7ක පමණ වත්කම්වලින් අඩක් යොදාගෙන සැප්තැම්බර් 11වැනි දා සිද්ධියේ වින්දිතයන්ට ගෙවීමට ඇමරිකාව තීරණය කර තිබේ. සැප්තැම්බර් 11වැනි දා සිද්ධිය සහ එහි වින්දිතයන් ඇෆ්ගන් ජනතාව සමග කිසිදු සම්බන්ධයක් නොමැති හෙයින්, ඇමරිකාව ගත් එම තීරණයට කිසිදු සාධාරණ හේතුවක් නැතැයි ඇෆ්ගනිස්ථාන දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දී ඇත. ඇත්ත වශයෙන්ම, ඇෆ්ගනිස්ථානය සම්බන්ධයෙන් ඇමරිකාවේ ක්‍රියා කලාපය, ඇමරිකාව සෙසු රටවල ස්වාධිපත්‍යය හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ තවත් එක් උදාහරණයක් පමණි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම