පවතින ආර්ථික අර්බුදයට පිළියම් ලෙස ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් කෝටි 60 ක මූල්‍යාධාරයක්
2022-04-27 18:22:00
Share with:

පවතින ආර්ථික අර්බුදයට පිළියම් ලෙස ශ්‍රී ලංකාවට ඩොලර් කෝටි 60 ක මූල්‍යාධාරයක් සැපයීමට ලෝක බැංකුව ඉදිරිපත් වෙයි.

ඉන් ඩොලර් කෝටි 40 ක් පළමු අදියර යටතේ, කඩිනමින් ශ්‍රී ලංකාවට සපයන බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත චියෝ කැන්ඩා මහත්මිය කියයි. ලෝක බැංකු නියෝජිතයන් හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර කොළඹ ජනාධිපති මන්දිරයේ ඊයේ (26) පැවති හමුවේදී ඇය ඒ බව සඳහන් කළාය. ඖෂධ හා සෞඛ්‍ය අවශ්‍යතා, සමාජ ආරක්ෂණ, කෘෂිකාර්මික හා ආහාර සුරක්ෂිතතාව සහ ගෑස් අවශ්‍යතා සපුරාගැනීමට එම මුදල් සැපයේ.

පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය දෙන බව ලෝක බැංකු නියෝජිතයෝ එහිදී ප්‍රකාශ කළහ.

 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම