ලෝකයට අවශ්‍ය වන්නේ උපායමාර්ගික ස්වාධීනත්වයක් හිමි යුරෝපයකි
2022-04-26 10:49:12
Share with:

පසුගිය 24වැනි දා, ප්‍රංශයේ වත්මන් ජනාධිපති Emmanuel Macron මහතා යළි ජනාධිපති ධුරයට තේරී පත්විය.

යළිත් වරක් ජනාධිපති ධුරය සඳහා තරග වැදීමේදී තම ඉදිරි දැක්ම තුළ, Macron මහතා සඳහන් කළේ ‘ වඩාත් ස්වාධීන ’ ප්‍රංශයක් තහවුරු කරන බවයි. මෙම දැක්ම නිසා ඔහුට යළි බලය හිමිකර ගැනීමට හැකි වී ඇති අතර, ජනාධිපති ධුරයට නැවත පත්වීමෙන් පසු ඔහු මුහුණ දෙන ප්‍රධාන අභියෝගය වන්නේ ද මෙයයි. මේ යටතේ, යුක්රේන අර්බුදයේදී ප්‍රංශය හා ඇමරිකාව අතර ලාභ හා අලාභ හසුරුවන්නේ කෙසේ දැයි යන්න අවධානයට ලක් වී ඇත.

ඇමරිකාවේ මැදිහත්වීම යටතේ, රුසියාවට එරෙහිව යුරෝපය සම්බාධක පැනවීම් අඛණ්ඩ ව උත්සන්න කර තිබේ. යුරෝපයට ඉන් ලැබෙන අලාභ දිනෙන් දිනම තීව්‍ර වෙයි. බලශක්ති මිල, ආහාරපාන මිල තවදුරටත් ඉහළ ගොස් යන බැවින් ජනතාව පීඩාවන්ට ලක් වී සිටිති. මෙවැනි තත්ත්ව යටතේ ඇමරිකාව කැපී පෙනෙන ලෙස මුදල් උපයා ගනිමින් රුසියාවට පීඩා එල්ලකිරීම  පමණක් නොව, ‘ යුක්රේන උගුල ’ භාවිත කරමින් යුරෝපය ඇමරිකාව කෙරෙහි දක්වන ‘ ළෙන්ගතුකම් ’ ද තහවුරු කර තිබේ.

මෙහිදී ඇමරිකාවේ අනිසි බලපෑම්වලට නතුවන යුරෝපය තමා විසින්ම පීඩාවට ලක්වීම පමණක් සිදුවනු ඇත. යුරෝපයේ දෛවය යුරෝපීය ජනතාව විසින්ම තීරණය කරනු ලැබිය යුතු ය. Emmanuel Macron මහතා ‘ යුරෝපයේ ක්‍රමෝපායික ස්වයං  පාලනය ’ පිළිබඳ ප්‍රකාශය හැකි ඉක්මණින් ඉටු කළ යුතු ය. ලෝකයට අවශ්‍ය වන්නේ උපායමාර්ගික ව ස්වාධීනත්වයක් හිමි යුරෝපයකි. නොසන්සුන් ලෝකයට වඩාත් වැඩි ස්ථාවරත්වය හා ස්ථිරභාවය යුරෝපය විසින් සපයා දිය යුතු ය.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම