චීන ලක්ෂණවලින් යුත්, ලොව ඉහළ ම මට්ටමේ විශ්වවිද්‍යාල ගොඩනැගීමේ අවශ්‍යතාව චීන ජනපති අවධාරණය කරයි
2022-04-26 19:39:17
Share with:

                 

                  චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ චීන ලක්ෂණවලින් යුත් ලොව ඉහළ ම මට්ටමේ විශ්වවිද්‍යාල ගොඩනැගීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ.

                  චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (25) බෙයිජිං නුවර රෙන් මින් විශ්වවිද්‍යාලයේ චාරිකාවකට එක් විය. එම විශ්වවිද්‍යාලයේ පන්ති කාමරය, පුස්තකාලය හා විශ්වවිද්‍යාල ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරය ඇතුළු ස්ථාන රැසකට ගිය ෂී ජින් පිං ජනාධිපතිවරයා, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා සිසුන් සමග සම්මන්ත්‍රණයකට ද සහභාගි විය.

                   

                 රෙන් මින් විශ්වවිද්‍යාලය චීන කොමියුනිස්ට් පක්ෂය මගින් ස්ථාපිත පළමු විශ්වවිද්‍යාලයයි. උසස් අධ්‍යාපන කාර්යයන් යුගයෙන් යුගය වෙනස් වුවද එම විශ්වවිද්‍යාලයේ අභිප්‍රාය වෙනස් වී නොමැති බව ෂී ජින් පිං මහතා එහිදී දේශනයක් පවත්වමින් කියා සිටියේ ය. පාලක චීන කොමියුනිස්ට් පක්ෂයේ මඟපෙන්වීම අනුව රටට හා ජනතාවට සේවය කරන, යුගයේ අවශ්‍යතාවන්ට සරිලන ඉහළ මට්ටමේ ප්‍රවීණයන් බිහි කිරීම එම අභිප්‍රාය වේ. චීනය සතුව ඇත්තේ සුවිශේෂ ඉතිහාසයක්, සංස්කෘතියක් හා දේශීය තත්ත්වයකි. එබැවින් සෙසු රටවල විශ්වවිද්‍යාල සියයට සියයකින් අනුකරණය නොකළ යුතු බව හෙතෙම පෙන්වා දෙයි. චීන දේශීය තත්ත්වයට ගැලපෙන අයුරින් චීන ලක්ෂණවලින් යුත් ලොව ඉහළ ම මට්ටමේ විශ්වවිද්‍යාල ගොඩ නගා ගත යුතු බව හෙතෙම අවධාරණය කරයි.

 ෂී ජින් පිං ජනාධිපතිවරයා සිය දේශනයෙන් ආචාර්යවරුන්ගේ සේවය ඉහළින් අගය කළේ ය. සමාජවාදී මතවාද රැකගැනීම, ප්‍රචලිත කිරීම හා ක්‍රියාවට නංවාලීම සඳහා සිය අධ්‍යාපන කටයුතු මැනවින් සිදු කරන ලෙස චීන ජනාධිපතිවරයා සිසුන්ගෙන් ඉල්ලීමක් ද කළේ ය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම