ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය හමුවක්
2022-04-26 10:01:50
Share with:

ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා ඊයේ (25) පස්වරුවේ කොළඹ Cinnamon Grand හෝටලයේදී මාධ්‍ය හමුවක් පැවැත්වීය. දෙරටේ අගමැතිවරුන් දෙදෙනා අතර සිදුවූ දුරකථන ඇමතුම පිළිබඳව විස්තර කර සෙසු වැදගත් කරණු සම්බන්ධයෙන් හෙතෙම මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේය. ඩේලි මිරර්, සිලෝන් ටුඩේ, ද මෝර්නිං,ද ගාර්ඩියන් ,සන් ටීවි ඇතුළු ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන15ක නියෝජිතයෝ මාධ්‍ය හමුවට සහභාගි වූහ.

චීනයෙන් ශ්‍රී ලංකාවට ලැ‌බෙන සහය පිළිබඳව අදහස් දැක්වූ Qi Zhenhong මහතා කියා සිටියේ නව කොරොනා වසංගතය පැතිර ගිය වසර දෙක තුළ, චීනය ශ්‍රී ලංකාවට වසංගත පාලන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක්, එන්නත් මාත්‍රා මිලියන 26 ක් සහ විවිධ ආකාරවල මූල්‍ය ආධාර සමගින්, ශ්‍රී ලංකාවේ වසංගතයට එරෙහි සටනට විශාලතම දායකත්වය ලබා දී ඇති බවයි. දින කිහිපයකට පෙර, චීන අග්‍රාමාත්‍ය Li Keqiang මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැවති දුරකථන ඇමතුමේ දී පෙන්වා දුන්නේ චීනය හැකි උපරිමයෙන් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ජීවිතාධාර අඛණ්ඩව ලබා දීමට කැමැත්තෙන් සිටින බවයි.

දෙරට අතර ආර්ථික සහ මූල්‍ය සහයෝගීතාව පිළිබඳව අදහස් දැක්වූ, Qi Zhenhong මහතා කියා සිටියේ, චීනය ශ්‍රී ලංකාවේ එකම ණයහිමියා හෝ විශාලතම ණයහිමියා නොවන බවත්, ඇතැම් විදේශීය මාධ්‍ය විසින් ගොතන ලද ඊනියා "ණය උගුල" මූලික කරුණු වලට නොගැලපෙන බවත්ය. චීනය ශ්‍රී ලංකාවට ලබා දෙන ණය ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සහ යටිතල පහසුකම් ඉදිකිරීම් සඳහා භාවිත කෙරෙන අතර, එය ශ්‍රී ලංකාවට ස්වාධීනව ස්වයං-දියුණුව ළඟා කර ගැනීමට වැදගත් උපකාරයක් සපයයි. ශ්‍රී ලංකාවේ වත්මන් මූල්‍ය අර්බුදය සහ එහි මූල්‍ය ඉල්ලීම පිළිබඳව චීනය දැඩි අවධානය යොමු කරන අතර, දෙරටේ අදාළ දෙපාර්තමේන්තු සහ මූල්‍ය ආයතන ඒ පිළිබඳව සම්බන්ධ වී සිටින බවද චීන තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම