චීන බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ආරක්ෂාවේ ස්ථාවර වර්ධනයක්
2022-04-26 18:32:36
Share with:

22වන ලෝක බුද්ධිමය අයිතිවාසිකම් දිනය අදට(26) යෙ‍දේ. මෑත වසර කිහිපය තුළ චීනය බුද්ධිමය දේපළ අයිතිවාසිකම්වල ප්‍රමාණය හා ගුණාත්මක භාවය ඉහළ නංවා ඇත. ජාතික බුද්ධිමය දේපළ අයිතිවාසිකම් දෙපාර්තමේන්තුව පළ කළ දත්තයන්ට අනුව 2021 වසරේ චීනය පුරා නව නිපැයුම් සඳහා පේටන්ට් ලක්ෂ 6.96කට අවසර දී ඇති අතර, සෑම පුද්ගලයන් දස දහසකට අධික වටිනාකම සහිත පේටන්ට්  7.5ක් තිබේ. පේටන්ට් සහයෝගිතා ගිවිසුම මගින් පසුගිය වසරේ චීන ජාතිකයන් ජාත්‍යන්තර පේටන්ට් 69500ක් ඉල්ලුම් කර ඇත. එම සංඛ්‍යාව අඛණ්ඩව වසර තුනක් තුළ ලෝකයේ ප්‍රථම ස්ථානය දිනාගැනීම විශේෂත්වයකි.

එමෙන්ම චීනයේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ආරක්ෂාව හා භාවිත ප්‍රතිලාභය කැපී පෙනෙන ලෙස වැඩි වී ඇත. වර්තමානයේ චීනය විද්‍යා හා තාක්ෂණික නිර්මාණශීලිත්වය ප්‍රවර්ධනය කරමින් බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ආරක්ෂාව ද ශක්තිමත් කරමින් සිටී. ‍ලෝකය සමග චීනය සක්‍රීය ලෙස නව තාක්ෂණය බෙදා ගැනීම, ජගත් ප්‍රජාවේ ඇගැයීමට ලක්ව ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම