චීන ජනපති රෙන්මින් සරසවියේ චාරිකාවක
2022-04-25 16:24:31
Share with:

චීන ජනාධිපති ෂී ජිං පින් මහතා බෙයිජිං නුවර රෙන්මින් විශ්වවිද්‍යාලයේ චාරිකාවකට එක්වෙයි. ඒ මැයි 4 වැනිදාට යෙදෙන චීන තරුණ දිනය නිමිත්තෙනි. 

අද රෙන්මින් සරසවියට පැමිණි ජනාධිපතිවරයා එහි බුද්ධිමය පාඨමාලා පිළිබඳ පන්ති කාමරය වෙත ගොස්, දේශපාලන දර්ශනවාදයන්හි ප්‍රතිසංස්කරණ හා නවෝත්පාදන පිළිබඳ හැදෑරීමට  එක්විය.   

අනතුරුව, විශ්වවිද්‍යාලයේ කෞතුකාගාර පුස්තකාලය වෙත ගිය ෂී ජිං පින් මහතා මෙම සරසවියේ ඉතිහාසය, අත්පත් කර ගත් ජයග්‍රහණ මෙන්ම සාහිත්‍ය හා පෞරාණික කෘතීන් සංරක්ෂණයට ගෙන ඇති පියවර පිළිබඳ අධ්‍යයනය කළේය. එසේම, පර්යේෂණ ප්‍රතිඵල ප්‍රවර්ධන ක්‍රියාමාර්ග ද හෙතෙම එහිදී හැදෑරීය.

 

ජනාධිපතිවරයා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා සිසුන් සමග සම්මන්ත්‍රණයකට ද සහභාගි විය.

 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම