යුක්රේනයේ Mariupol නගරය යථා තත්ත්වයට පත් කරන බව රුසියාව පවසයි
2022-04-24 11:05:25
Share with:

රුසියා ජාතික ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රකාශක Igor Konashenkov මහතා පසුගිය 22 වනදා පැවති මාධ්‍ය හමුවකදී‍ මේ බව පැවසීය. Mariupol නගරයේ සමාජ පටිපාටිය යථා තත්ත්වයට පත්ව ඇති අතර ජනතාව නිදහස් ලෙස මාර්ගවල ගමන් කරන අයුරු දැක ගත හැකි බව හෙතෙම කීවේය.

මේ අතර යුක්රේන උප අග්‍රාමාත්‍ය Iryna Vereshchuk මහතා ඊයේ(23) පැවසුවේ කාන්තාවන්, දරුවන් හා වියපත් පුද්ගලයන් Mariupol නගරයෙන් ඉවත් කර ගැනීම ආරම්භ කර ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් António Guterres මහතා ලබන 26 වනදා මොස්කව්හිදී රුසියානු ජනාධිපති Vladimir Putin මහතා හමු වනු ඇත. ලබන 28 වනදා António Guterres මහතා යුක්රේන ජනාධිපති Volodymyr Zelensky මහතා හමු වීමට නියමිත ය. ඔවුන් සාමය ළඟා කර ගැනීම ඇතුළු කාර්යයන් පිළිබඳ සාකච්ඡා කරනු ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම