ඉදිරි වසර තුනේදී සැමට පිරිසිදු ජලය සහ සනීපාරක්ෂක පහසුකම් සපයන බව ජනපති කියයි
2022-04-24 14:45:38
Share with:

ඉදිරි වසර තුනේදී සැමට පිරිසිදු ජලය සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීම රජයේ ඉලක්කය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  පවසයි.

හතරවන ආසියා ෆැසිපික් ජල සමුළුවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

පවතින ජල සම්පාදන යෝජනා ක්‍රමවල ධාරිතාව මෙන්ම ගුණාත්මකභාවය වැඩිදියුණු කරමින් රට පුරා නව ජල ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපතිවරයා   පැවසීය.ජපානයේ කුමමොටෝහි ආරම්භ කෙරුණු ආසියා පැසිෆික් ජල සමුළුව දින දෙකක් පුරා පැවැත්වේ. සමුළුවේ ප්‍රගතිය ලබන වසරේ මාර්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ ජල සමුළුවේදී කුමමොටෝ ප්‍රකාශය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම