ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවත්වන මූලික වටයේ සාකච්ඡා ඉතාමත් සාර්ථක බව මුදල් ඇමති කියයි
2022-04-24 14:48:25
Share with:

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවත්වන මූලික වටයේ සාකච්ඡා ඉතාමත් සාර්ථක බව මුදල් ඇමති අලි සබ්රි මහතා කියයි. රටේ පවතින අර්බුදකාරී වාතාවරණය සමනය කිරිම සදහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ගැනිම සාකච්ඡාවල අරමුණයි. රටේ වත්මන් තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ ක්‍රිස්ටර්ලීනා ජෝර්ජිවා මහත්මිය ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමග අවස්ථා කිහිපයකදිම සාකච්ඡා කිරිමට හැකි වු බව වොෂිංටනයේ සිට පසුගියදා විශේෂ මාධ්‍ය හමුවකට එක්වමින් මුදල් ඇමතිවරයා පැවසිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කළ ඇගයීමකට අනුව ශ්‍රි ලංකාවට ණය ගෙවිමේ හැකියාව සම්බන්ධයෙන් ශක්‍යතාවක් නැතැයි ඔවුන් තීන්දු කර තිබුණද මුදල් ගෙවිමේ හැකියාව හා අලුතින් ගන්නා ණය ගෙවිමට අපේක්ෂා කරන ආකාරය පිළිබඳව සාකච්ඡා මාර්ගයෙන් එකගතාවට පැමිණීමට අපේක්ෂා කෙරේ.


ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම