මිහිකත පවතින අර්බුද 3කට ක්‍රියාශීලිව මුහුණ දෙන ලෙසට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ගෙන් ඉල්ලීමක්
2022-04-24 12:38:50
Share with:

   

           මිහිකත පවතින අර්බුද 3කට ක්‍රියාශීලිව මුහුණ දෙන ලෙසට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් António Guterres මහතා ජගත් ප්‍රජාවෙන් ඉල්ලීමක් කරයි.

          ලෝක මිහිකත දිනය නිමිති කරගෙන පසුගිය 22වැනි දා හෙතෙම වීඩියෝ ආකාරයෙන් දේශනයක් පැවැත්වීය. දේශගුණ විපර්යාස, ස්වාභාවික හා ජෛව විවිධත්වය, පරිසර දූෂණය හා සම්පත් නාස්තිය යන අර්බුද තුනට මානව සමාජය මුහුණ දී සිටී. එම අර්බුද තුනට ක්‍රියාශීලිව මුහුණ දෙන ලෙසට António Guterres මහතා සිය දේශනයෙන් ජගත් ප්‍රජාවෙන් ඉල්ලීමක් කළේ ය. එම අර්බුද තුනෙන් බොහෝ අයගේ පැවැත්මට හා සුබසිද්ධියට තර්ජන එල්ල වී තිබේ. එහෙත් ජගත් ප්‍රජාව එක්සත් වුවහොත් එම අර්බුද නිරාකරණය කළ හැකි බව හෙතෙම කියා සිටී. දේශගුණ විපත් වළක්වමින් පුනර්ජනනීය බලශක්ති උත්පාදනයට අදාල ආයෝජන වැඩි කළ යුතු බව මහ ලේකම්වරයා අවධාරණය කළේ ය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම