ජූලියන් පෝල් අසාන්ජ්ගේ ඉරණම ඊනියා ඇමරිකානු නිදහසේ කැඩපතක් වෙයි
2022-04-23 15:04:44
Share with:

විකිලීක්ස් හි නිර්මාතෘ ජුලියන් පෝල් අසාන්ජ් ඇමරිකාවට පිටුවහල් කිරීමට ලන්ඩන් දිස්ත්‍රික් උසාවිය පසුගියදා නිල වශයෙන් අනුමත කළේ බොහෝ සැකයන් සහ විරෝධතා අවුස්සමිනි.

2010 දී, ජූලියන් පෝල් අසාන්ජ් විසින් ආරම්භ කරන ලද "විකිලීක්ස්" වෙබ් අඩවිය මගින්, ඇෆ්ගනිස්ථානයේ සහ ඉරාකයේ යුද්ධවලදී සිවිල් වැසියන්ට බෝම්බ හෙළීම, වධහිංසා පැමිණවීම වැනි සිදුවීම් පිළිබඳ ඇමරිකානු රජයේ රහස් ලේඛන විශාල ප්‍රමාණයක් ප්‍රකාශයට පත්කෙරිණ. පසුව, ජූලියන් පෝල් අසාන්ජ් විසින් ඇමරිකානු රජයේ තවත් එවැනි ක්‍රියාකාරකම් මාලාවක් හෙළිදරව් කරන ලදී. මේ නිසා ජූලියන් පෝල් අසාන්ජ් ඇමරිකානු රජයේ "ඇසේ ඇනෙන කටුවක්" බවට පත් වූ අතර, ඔහුට එරෙහිව චෝදනා 18 ක් එල්ල කෙරිණ.

ඇමරිකාව සහ එහි සන්ධානකරු වන  නේටෝ සංවිධානය විසින් සිදු කරන ලද යුද අපරාධ ප්‍රසිද්ධියට පත් කළ නිසාම, ජූලියන් පෝල් අසාන්ජ් ඇමරිකානු රජයේ සතුරෙකු බවට පත් විය.

බ්‍රිතාන්‍යයේ වෙසෙන ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු ලෙස ජූලියන් පෝල් අසාන්ජ්, ඇමරිකාවේ යුද අපරාධ සහ අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම් පිළිබඳ සාක්ෂි හෙළිදරව් කිරීම හේතුවෙන් ඔහු රටින් පිටුවහල් කරන ලෙස ඇමරිකානු රජය නැවත නැවතත් එරටින් ඉල්ලා තිබේ.

ඇමරිකානු අපරාධ හෙළි කළ පමණින් පෘථිවියේ වෙසෙන ඕනෑම වාර්තාකරුවෙකු සිරගත කළ හැකි යැයි, ඇමරිකාව විශ්වාස කරන බව ස්වාධීන ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන greyzone හි වාර්තාකරු Ben Norton  පැවසීය.ඇමරිකානු රජය කිසි විටෙකත් “ප්‍රජාතන්ත්‍රවාදී” නොවන බව Ben Norton පෙන්වා දී ඇත.

ජුලියන් පෝල් අසාන්ජ්ගේ අත්දැකීම් ද ඇමරිකාව හුවා දක්වන "මානව හිමිකම්" සහ "ප්‍රජාතන්ත්‍රවාදය" පිළිබඳ සැබෑ ස්වරූපය ලෝකයට මනාව පිළිබිඹු කරන කැඩපතකි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම