ලෝක ආහාර අර්බුදය ලබන වසර තෙක් පවතිනු ඇතැයි ලෝක බැංකුව අනතුරු අඟවයි
2022-04-22 10:47:04
Share with:

                    ලෝක ආහාර අර්බුදය ලබන වසර තෙක් පවතිනු ඇති බවට ලෝක බැංකු අධිපති David Malpass මහතා අනතුරු අඟවයි.

                    පසුගිය දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව පැවැත්වූ වසන්තකාලීන සමුළුවේ දුරස්ථ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, රුසියානු-යුක්රේන ගැටුම හේතුවෙන් ගෝලීය ආහාර මිල ඉහළ ගොස් ඇති බවයි. එම අර්බුදයෙන් ඇති වූ ආහාර, බලශක්ති හා පොහොර හිඟයන් හේතුවෙන් ආහාර සුරක්ෂිතතා අර්බුදය හටගෙන තිබේ. එයින් දිළිඳු ජනතාව බරපතල ම ගැටළුවකට මුහුණ පානු ඇත. දැනට තිබෙන ආහාර අර්බුදය මාස කිහිපයක් පුරා පවතිනු ඇති බවටත්, එය ලබන වසර දක්වා කල් යනු ඇති බවටත්, David Malpass මහතා එහිදී අනතුරු අඟවා ඇත.

                   ආහාර අර්බුදය ලිහිල් කිරීම සඳහා ඉදිරි මාස 15 තුළ ලෝක බැංකුව ඇමරිකානු ඩොලර් බිලියන 170ක් සපයනු ඇතැයි ද ලෝක බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම