ඉන්දියාව ඇපයට තබා ශ්‍රී ලංකාවට කඩිනම් මූල්‍ය සහායක් දෙන ලෙසට මුදල් අමාත්‍යවරයා ගෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදලට ඉල්ලීමක්
2022-04-21 15:22:29
Share with:

ඉන්දියාව ඇප පාර්ශ්වය සේ සලකා ශ්‍රී ලංකාවට කඩිනම් මූල්‍ය සහායක් දෙන ලෙසට මුදල් ඇමැති අලි සබ්රි මහතා අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ඉල්ලීමක් කර තිබේ.

අමෙරිකාවේ වොෂින්ටන්හීදී මේ වන විට පැවැත්වෙන සාකච්ඡා අතරතුර මුදල් ඇමැතිවරයා මේ ඉල්ලීම කර තිබෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා සඳහා මුදල් ඇමැති ජනාධිපති නීතිඥ එම්.යූ.එම්. අලි සබ්රි, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් මේ වන විට සහභාගි වී සිටිති.

මේ වන විට එම අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝජියේවා මහත්මිය සමඟ සාකච්ඡා අරඹා තිබෙන අතර, එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායීතාව සඳහා දැනට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ අවධානය යොමු කර තිබේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම