ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා සහ විපක්ෂ නායකවරයා අතර හමුවක්
2022-04-21 15:17:26
Share with:

ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhon මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවිය.

පවතින  ව්‍යසනකාරී මොහොතේ ශ්‍රී ලංකාව වෙත සහෝදරත්වයේ දෑත් දිගු කරන චීනයට සිය ස්තූතිය පුද කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී ප්‍රකාශ කළේය.

දීර්ඝ කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකාව සහ චීනය අතර පවත්නා ද්විපාර්ශ්වික සබැඳියාව පිළිබඳවද එහිදී  සිහිපත් කෙ‍රිණ.

ශ්‍රී ලංකාව වර්තමානයේ සිටින තත්ත්වයෙන් ගොඩ ගැනීම වෙනුවෙන් චීනයේ නොමසුරු සහයෝගය අත්‍යාවශ්‍ය බව පැවසූ විපක්ෂ නායකවරයා  ඒ වෙනුවෙන් මැදිහත් වන ලෙසටද තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.

දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබදතා තවදුරටත් වැඩි දියුණු කිරීම පිළිබදව එහිදී විශේෂ අවධානයක් යොමුවිය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම