චීන භාෂාව එක්සක් ජාතීන්ගේ කාර්යයන් වෙනුවෙන් වැදගත් මෙහෙවරක් ඉටු කරයි
2022-04-21 10:43:31
Share with:

චීන භාෂාව එක්සක් ජාතීන්ගේ කාර්යයන් වෙනුවෙන් වැදගත් මෙහෙවරක් ඉටු කළ බව චීනය පවසයි.

ඊයේ(20)ට යෙදුණු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන භාෂා දිනය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන ස්ථාවර නියෝජිත Zhang Jun මහතා මේ බව අදහස් පළ කර ඇත.බහු භාෂා පිළිබඳ මූලධර්මය අනුගමනය  කරන එක්සත් ජාතීන්ගේ සංවිධානය චීන භාෂාව ඇතුළු එක්සත් ජාතීන්ගේ සෙසු නිල භාෂා සාධාරණ ලෙස භාවිත කර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හඬ හා ස්ථාවරයන් වඩාත් ඵලදායිකව ප්‍රචාරය කිරීමට චීනය අපේක්ෂා කරන බව හෙතෙම පැවසීය.

Zhang Jun මහතා සහ 76 වැනි එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනයේ සභාපති Abdulla Shahid මහතා පසුගිය දා එක්සත් ජාතීත්ගේ චීන භාෂා දිනය පිළිබඳ ක්‍රියාකාරකම ආරම්භ කිරීමේ උත්සවයට වීඩියෝ ආකාරයෙන් එක් වූහ. එම උත්සවයට වීඩියෝ දේශනයක් ඉදිරිපත් කළ Abdulla Shahid මහතා පැවසුවේ චීන භාෂාව ලෝකයේ වැඩිම ජනගහණයක් භාවිත කරන භාෂාවක් බවයි. දිගු ඉතිහාසයක් සහිත චීන අක්ෂර, චීන ශිෂ්ටාචාරයේ පවතින සදාකාලීන බුද්ධිය නියෝජනය කරමින් අලංකාර සෞන්දර්යාත්මක අර්ථවත් හා  ගැඹුරු  සංකේතාත්මක සුවිශේෂීත්වයකින් යුතු බව හෙතෙම පැවසීය.චීන භාෂාවේ සුන්දරත්වය පොදුවේ ග්‍රහනය කර ගනිමින් ජගත් ප්‍රජාව බහු සංස්කෘතික සුසංගතභාවය තහවුරු කළ යුතු බව ද හෙතෙම එහිදී සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම