අසල්වාසීන් සමඟ මනා අසල්වැසි-පැවැත්මක්
2022-04-21 10:14:16
Share with:

ලොව වැඩිම අසල්වාසී රටවල් සතු චීනය, තම අසල්වැසියන් සමඟ සබඳතාව පවත්වාගන්නේ කෙසේ ද යන්න ජාත්‍යන්තර ප්‍රජාව ගේ අවධානයට ලක්ව තිබෙනවා. චීනය තම ගැටළු අසල්වාසීන්‍ට පවරන්නෙක් ද නැතහොත් ඔවුන් තම හවුල්කරුවන්  ලෙසට සලකන්නෙක් ද යන පැනයට චීන ජනාධිපතිවරයා පැහැදිලි පිළිතුරක් දී තිබෙනවා. 

වසර 2013නේ අප්‍රේල් 7 වැනිදා, චීන ජනාධිපති ධුරයට පත්වූ ෂී ජින්පිං මහතා "චීනය අසල්වැසියන් යහපත් සේ මෙන්ම හවුල්කරුවන් ලෙසට සැලකීම" යන සංකල්පය Boao ආසියානු වාර්ෂික සංසදයේදී ප්‍රථම වරට ඉදිරිපත් කළා. එය චීන තර්ජනය යන මතයට එරෙහිව ප්‍රබල ප්‍රතිචාර දැක්වීමක්.

2021 වසරේ දෙසැම්බර් තුන්වැනිදා, චීන ලාඕස දුම්රිය නිල වශයෙන් ක්‍රියාවට නැංවුණේ දෙරටේ නායකයන් ඉදිරියේ යි. වසර පහක් තුළ ඉදි කරන ලද මෙම දුම්රිය මාර්ගයේ මුළු දුර කිලෝමීටර් 1,035ක්. එමගින් ගොඩබිම් ඇතුළත සීමාවූ රටක සිට භූමි මාර්ග ඔස්සේ අන්තර් සම්බන්ධිත රටක් දක්වා ලාඕසය පරිවර්තනය වී තිබෙනවා. එරට ජාතික සිහිනය අවසාන වශයෙන් ඉටු කර තිබෙනවා.

තනිව ගමන් කරන්නේ නම් ඉක්මනින් යා හැකි වුනත්, සාමූහිකව ගමන් කරන්නේ නම් දුර ගමනක් යා හැකි. යිඅසල්වැසි රටවල් සමඟ සහයෝගයන් පැවැත්වීමේදී චීනය සෑම විටම ලාභඅලාභ හා යුතුකම අතර පිළිබඳ නිවැරදි සංකල්පය මත සිටිනවා. මාව දිනවන්න ඔබ පරදවන්නත්, මට වැඩිය ලබා ගන්න ඔබට අඩු කරන්නත් චීනය විසින් කිසි දිනෙක සිදු නොකරන දෙයක්. ඒ වෙනුවට අසල්වැසි රටවල් වෙනුවෙන් පොදු සංවර්ධන අවස්ථා සහ අවකාශය චීනය සක්‍රීයව ලබා දෙනවා. තමන්ගේම සංවර්ධනයෙන් සිදුවන ප්‍රතිලාභ වාසි සහගත ආකාරයෙන් අසල්වැසි රටවලට බෙදා දීම චීනයේ අපේක්ෂාවයි.

2014 වසරේ අගෝස්තු මාසයේ මොංගෝලියාවේ දී ෂී ජින්පිං මහතා දේශනයක් පැවැත්වූ අවස්ථාවේදී, චීන සංවර්ධනය දුම්රියකට උපමා කරමින් සියලු දෙනා එය ප්‍රයෝජනයට ගැනීම සාදරයෙන් පිළිගන්නා බව පෙන්වා දුන්නා.

විපතකදී නියම හැඟීම් මතුවීම ස්වභාවිකයි. බරපතර කොවිඩ් වසංගතය හමුවේ චීනය සහ එහි අසල්වැසි රටවල් එකම බෝට්ටුවේ සිටින අතර එකිනෙකාට උදව් දෙමින් සිටිනවා. 2022 පෙබරවාරි මාසයේදී, මොන්ගෝලියානු අග්‍රාමාත්‍යවරයා විශේෂයෙන් ම බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවයට සහභාගී වුණා. එය චීනයෙන් ලැබූ වසංගත විරෝධී ආධාර සඳහා කෘතඥතාව පළ කිරීමට ඔහු අවස්ථාවක් කර ගත්තා. චීනයේ අසල්වාසී ආසියාන් සංවිධානය, සැම විටම චීනයේ අසල්වැසි රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ ප්‍රමුඛතාවයක්. චීනය සහ අග්නිදිග ආසියාතික රටවල් පොදු ඉරණම සහිත ප්‍රජාවක් ගොඩනගා තිබෙනවා. 2022කේ ජනවාරි පළමුවැනිදා, කලාපීය පූර්ණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුම (RCEP) නිල වශයෙන් බලාත්මක වූ අතර, ලෝකයේ වැඩිම ජනාකීර්ණ සහ විශාලතම නිදහස් වෙළඳ කලාපය එමගින් බිහි කර තිබෙනවා.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම