ගෝලීය ආරක්ෂක මුලපිරීම ආසියාවට මෙන්ම සමස්ත ලෝකයට අවශ්‍යතාවකි
2022-04-21 20:26:31
Share with:

"ආරක්ෂාව යනු සංවර්ධනයේ කේන්ද්‍රය වන අතර මානව වර්ගයා යනු වෙන් කළ නොහැකි ආරක්ෂක ප්‍රජාවකි." අද (21) චීන ජනාධිපතිවරයා “බෝආඕ ආසියා සංසදයේ 2022 වාර්ෂික රැස්වීමේ සමාරම්භක උත්සවයට වීඩියෝ ආකාරයෙන් එක්වෙමින් ප්‍රධාන දේශනය කළ අවස්ථාවේදී “ගෝලීය ආරක්‍ෂක වැඩපිළිවෙළ” යෝජනා කළේය. එම දේශනය ජාත්‍යන්තර ප්‍රජාවේ දැඩි අවධානයට ලක්ව තිබේ. මෙම මුලපිරුම චීනය විසින් සපයන තවත් ජාත්‍යන්තර පොදු නිෂ්පාදනයකි. එය ලෝකයේ, විවිධ කාල සහ ඉතිහාසයේ පෙර නොවූ විරූ වෙනස්කම්වලට මානව වර්ගයාගේ ප්‍රතිචාරයන්ට චීන ප්‍රඥාව දායක කිරීමකි. එම යෝජනාව ආසියාවට පමණක් නොව  සමස්ත  ලෝකයේම අවශ්‍යතාවකි.

2013 වසරේ සිට බෝආඕ ආසියා සංසදයේ දී චීන ජනාධිපතිවරයා‍ සිදු කළ ප්‍රධාන දේශන පහ සිහිපත් කිරීමේ දී, "ආරක්ෂාව" සැමවිටම ප්‍රධාන වචනයක් වී ඇති බව දැකිය හැකිය. මෙම ‍වසරේ බෝආඕ ආසියා සංසදයේ දී ආරක්ෂක ගැටළු වඩාත් ප්‍රමුඛ වී තිබේ.

ෂී ජින් පීං ජනාධිපතිවරයා විසින් යෝජනා කරන ලද "ගෝලීය ආරක්ෂක මුලපිරුම" මගින් ඒ ඒ පාර්ශවයන්ට බෙහෙවින් අවශ්‍ය "විසඳුමක්" සපයයි. එය සැබෑ බහුපාර්ශ්වවාදය මූර්තිමත් කරන අතර  ලෝක සාමය සහ ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීමට කැපවෙමින් ගෝලීය පශ්චාත් වසංගත ප්‍රකෘතිය සඳහා සහතිකයක් ද සපයයි.

ඇමරිකාවේ චීන ඇමරිකා අධ්‍යයන මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙකු වන Sourabh Gupta මහතා විශ්වාස කරන්නේ ෂී ජීන් පීං ජනාධිපතිවර‍යා ගේ එම දේශණයෙන් අවධාරණය කරන ලද බහුපාර්ශ්වවාදය සහ ගෝලීය සංවර්ධනය "ඉතා කාලෝචිත සහ කාලීන අවශ්‍යතාවක්" බවයි.

මෙම මුලපිරුම ලෝක සාමය සෙවීමේ දිගුකාලීන මාර්ගය කෙරෙහි පමණක් නොව, ආරක්ෂක ක්ෂේත්‍රය තුළ මානව වර්ගයා සඳහා පොදු ඉරණම සහිත ප්‍රජාවක් පිළිබඳ සංකල්පයේ විචිත්‍රවත් භාවිතයකි.

ආසියාව සහයෝගීතාවයෙන් සහ සමගියෙන් පොදු සංවර්ධනමාවතට අවතීර්ණ වී තිබේ . අනාගතයේදී, චීනය ආසියානු රටවල් සමඟ ආරක්ෂාව බෙදාහදා ගනිමින් ආසියාව "ලෝක සාමයේ සහ ස්ථාවරත්වයේ නැංගුරමක්, වර්ධනයේ ප්‍රභවයක් සහ සහයෝගීතාවයේ නව උස්බිමක්" බවට පත් වනු ඇත.

 

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම