බ්‍රිතාන්‍යයේ ප්‍රාථමික පාසලක සිසුන්ට චීන ජනාධිපතිවරයා ගෙන් පිළිතුරු ලිපියක්
2022-04-21 18:47:56
Share with:

බ්‍රිතාන්‍යයේ Francis Holland ප්‍රාථමික පාසලක සිසුන් වෙත චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පිළිතුරු ලිපියක් යොමු කරයි. දේශගුණික විපර්යාස පිළිබඳව හෙතෙම එම ලිපියෙන් සිය අදහස් දක්වා තිබේ.

දේශගුණික විපර්යාස යනු සමස්ත මානව වර්ගයා මුහුණ දෙන පොදු අභියෝගයක් වන අතර, එම අභියෝගයට මුහුණ දීමට මානව වර්ගයා සහයෝගයෙන් කටයුතු කළ යුතු බව ෂී ජින්පිං මහතා කියා සිටී.

බ්‍රිතාන්‍ය සිසුන්ට චීනයට පැමිණ, මෙරට සිසුන් සමඟ අදහස් හුවමාරු කොට, ලොව විශාලතම සුළං හා සූර්ය බලාගාර, වඩාත් පුළුල් කෘත්‍රිම වනාන්තර සහ සුන්දර ජාතික උද්‍යාන නැරඹීමට ෂී ජින් පිං මහතා ‍එම ලිපියෙන් ඇරයුම් කළේ ය.

Francis Holland ප්‍රාථමික පාසල ලන්ඩන් නගරයේ පිහිටි ජාත්‍යන්තර බාලිකා පාසලකි. පසුගියදා එම පාසලේ සිව්වන ශ්‍රේණියේ සිසුන් දේශගුණික විපර්යාස පිළිබඳව තම සැලකිල්ල සාමූහිකව පළ කරමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා වෙත ලිපියක් යොමු කර තිබිණ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම