ශාන්තිකර දූපත් රටවල් ‘භූගෝලීය සතුරුකම්වලට’යොදාගැනෙන මෙවලමක් නොවේ
2022-04-20 14:50:21
Share with:

ඇමරිකානු ජාතික ආරක්ෂක කමිටුවේ ඉන්දු-ශාන්තිකර කටයුතු සම්බන්ධීකාරක Kurt Campbell ප්‍රමුඛ නියෝජිත පිරිසක් මේ සතියේදී සොලමන් දූපත් රාජ්‍යය ඇතුළු ශාන්තිකර දූපත් රටවල් තුනක සංචාරය කිරීමට නියමිත බව ඇමරිකානු ධවල මන්දිරය ප්‍රකාශ කරයි. චීනය පිළිබඳ ප්‍රශ්නය මෙවර සංචාරයේ ප්‍රධාන තේමාවක් බව ද ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පවසා ඇත. චීන-සොලමන් දූපත්  සහයෝගිතාවන්ට බලපෑම් එල්ල කිරීම Campbellගේ මෙවර සංචාර‍යේ අරමුණ බව ජගත් ප්‍රජාවගේ අදහසයි.

මෑතකදී චීන රජය හා සොලමන් දූපත් රාජ්‍යය  අතර ආරක්ෂක සහ‍යෝගිතා රාමු ගිවිසුමක් සම්මත කෙරිණ.අන්‍යෝන්‍ය වාසි පදනම මත, සමාජ පටිපාටිය සහතික කිරීම, ජන ජීවිතය හා දේපළ ආරක්ෂාව සුරැකීම, මානුෂවාදී සහනාධාර, ස්වාභාවික විපත්වලට මුහුණදීම යන ක්ෂේත්‍රයන්හි සහයෝගිතා පැවැත්වීමට දෙරට තීරණය කර ඇත. සොලමන් දූපත් රාජ්‍යයේ ස්වයං ආරක්ෂක හැකියාව වර්ධනය කිරීමට සහාය දීමේ අරමුණෙන් යුතු එම ගිවිසුම, ජගත් නීතිරීතිවලට අනුකූල වන අතර, කිසිදු ආකාරයකින් තුන්වන පාර්ශ්වයකට බලපෑම් එල්ලකිරීමක් නොවේ.

එහෙත් චීනය හා සොලමන් දූපත් රාජ්‍යය අතර එම සහයෝගිතා ගිවිසුම, ඇමරිකාව හා ඕස්ට්‍රේලියාවේ සංවේදී ස්නායුව ස්පර්ශ කර ඇත. එම ගිවිසුම කලාපීය ආරක්ෂාවට තර්ජනයක් බව හුවා දක්වමින් විකෘති ප්‍රකාශ නිකුත් කළ එම දෙරට ඊට බලපෑම් එල්ල කිරීමට වෑයම් කරමින් සිටී.

ශාන්තිකර  දූපත් රටවල්, ‘භූගෝලීය සතුරුකම්වලට’ යොදා ගැනෙන මෙවලමක් නොවේ. එම කලාපයට බහුවිධ සහයෝගිතා පැවැත්වීමට අවශ්‍ය වන අතර, ස්ව කැමැත්ත මත  හවුල්කරුවන් තෝරාගැනීමේ අයිතිය ද ඇත. ශාන්තිකර පවුලේ මූලිකයා ලෙස පෙනී සිටිමින්, එම කලාපයේ කටයුතු කෙරෙහි දබරැඟිල්ල දිගු කර, අත්තනෝමතික අදහස් පළ කරන ඇමරිකාව හා ඕස්ට්‍රේලියාවෙන්, සැබැවින්ම දිස්වන්නේ අධිපතිවාදී හා යටත්විජිතවාදී ස්වරූපයන්ය.

 ඕස්ට්‍රේලියානු හරිත පක්ෂයේ  මන්ත්‍රී Jordon Steele-John පැහැදිලිව පෙන්වා දෙන්නේ, එය, ස්වාභාවිකවම වර්ගවාදය බවයි. චීනයෙන් තම කලාපයේ ස්ථාවරත්වයට තර්ජනයක් එල්ල වෙතැයි කෙරෙන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අර්ථශූන්‍ය, අසත්‍යයක්  බව සොලමන් දූපත් රාජ්‍ය අගමැති Manasseh Sogavare මහතා ද ප්‍රකාශ කර තිබේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම