අසල්වැසි රටවල් සමඟ වඩාත් සමීප පොදු ඉරණමක් සහිත සම්බන්ධතාව ගොඩනගන චීනය
2022-04-20 14:05:35
Share with:

“හොඳ අසල්වැසියෙකු රත්රන් සමග හෝ සමාන කළ නොහැකියි. දුරබැහැර සිටින නෑයන් පවා අසල්වැසියන් තරම් අපට සමීප නැත ”  අසල්වැසියන්ගේ වටිනාකම, ඔවුන්ගේ මිත්‍රශීලී භාවය පිළිබඳ මෙවැනි අර්ථ දැක්වීම්, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අසල්වැසි රටවල් හා සම්බන්ධ රාජ්‍යතාන්ත්‍රික කටයුතු පිළිබඳ චින්තනය විස්තර කරන දේශනවල නිරතුරුව දැකිය හැකියි.එමගින් නව යුගයේ චීනය අසල්වැසි රටවල් සමඟ පවත්වන ප්‍රශස්ත මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික කටයුතු සංවර්ධනය කිරීමේ සුවිශේෂ සන්ධිස්ථාන බිහි කර ඇත.

 2013 වසරේ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ පැවති අසල්වැසි රටවල් හා සම්බන්ධ රාජ්‍යතාන්ත්‍රික කටයුතු පිළිබඳ රැස්වීමේදී චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළේ,  එම සබඳතා සංවර්ධනය කරමින් අන්‍යෝන්‍ය සහය හා ජයග්‍රහණ ලබාගැනීමේ  මූලධර්මය මත පිහිටා සහයෝගිතා පැවැත්විය යුතු බවයි.

ගෝලීය වශයෙන් පොදුවේ පිළිගැනීමට ලක්ව ඇති “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ ඉදිරිපත් කරනු ලැබුවේ, පසුගිය 2013 වසරේ ෂී ජින්පිං මහතා අසල්වැසි රටවල් වන කසක්ස්ථානයේ හා ඉන්දුනීසියාවේ සංචාරය කළ අවස්ථාවේදීයි.

2015 වසරේ Boao ආසියානු සාකච්ඡා මණ්ඩපයේ වාර්ෂික සමුළුවේදී “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ සම්බන්ධයෙන්, ෂී ජින්පිං මහතා සඳහන් කළේ එය චීනයේත්, ඊට සම්බන්ධ රටවලත් එමෙන්ම ප්‍රාදේශීය සංවර්ධන අවශ්‍යතාවන්ටත් අනුකූල වන බවයි.එසේම ඒ ඒ පාර්ශ්වයන්ගේ පොදු ජයග්‍රහණයන්ට ගැලපෙන එම වැඩපිළිවෙළ ප්‍රාදේශීය හා ගෝලීය සහයෝගිතා ප්‍රවණතාවට අනුකූල වන බව ද හෙතෙම පැවසුවා.

2021 වසරේ නොවැම්බර් මාසයේදී චීන -ආසියාන් සංගම් සංවාද සබඳතාව ස්ථාපිත කිරීමේ 30 වන සංවත්සරයේ සැමරුම් නායක සමුළුවට ෂී ජින්පිං මහතා වීඩියෝ ආකාරයෙන් එක්වුණා. චීනය හා ආසියාන් සංගමය ප්‍රාදේශීය සාමයේ සංවර්ධන කරන්නා හා ආරක්ෂකයා ලෙස කටයුතු කළ යුතු බව හෙතෙම එහිදී ප්‍රකාශ කළා.

මේ වසරේ මාර්තු මස 31 වනදා චීනයේ ප්‍රධානත්වයෙන් පැවති ඇෆ්ගනිස්ථාන අසල්වැසි රටවල විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට ඉරානය, පාකිස්ථානය, රුසියාව, ටජිකිස්ථානය යන රටවල විදේශ අමාත්‍යවරුන් හා ජ්‍යෙෂ්ඨ නියෝජිතවරුන් එක්වුණා. එම රැස්වීමට යොමු කළ ලිඛිත දේශනය තුළ ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළේ, හිතවත් අසල්වැසියන් රටේ වටිනා වස්තුව බවයි. ඇෆ්ගනිස්ථානයේ අසල්වැසි රටවල් හැකි තරම් එකඟතා හා සමීප සම්බන්ධීකරණ පවත්වමින් එරටට යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා සහය දිය යුතු බවද හෙතෙම එහිදී සඳහන් කළා.       

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම