ශ්‍රී ලංකා-චීන ද්විපාර්ශ්වික සහයෝගය සුබවාදී අනාගතයක් කරා.. - ප්‍රවීණ මාධ්‍යවේදී නිලාර් එන්. කාසිම්
2022-04-19 10:58:36
Share with:

ශ්‍රී ලංකාව වැනි රටකට බොහෝවිට අසල්වැසි සමග උසස් මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික  ජාත්‍යන්තර සබඳතා පවත්වන්නට සිදුවන්නේ එහි පවතින භූගෝලීය පිහිටීම් අනුවයි.  චීනය වැනි දැවැන්ත රාජ්‍යයන් සමග අපට ප්‍රශස්ත මට්ටමක සබඳතා පැවැත්විය හැකිව තිබෙන්නේ දිගුකාලීන අන්‍යෝන්‍ය අවබෝධයක් ද සහිතව බව ප්‍රවීණ මාධ්‍යවේදී නිලාර් එන්. කාසිම් මහතා පවසයි. 1957 වසරේ නිල වශයෙන් ඇතිවූ මේ සබඳතා අද වනවිට සමාජ, සංස්කෘතික හා ආර්ථික යන ක්ෂේත්‍ර රැසක් ඔස්සේ විහිද පවතී.

මේ සබඳතාවයේ සාධනීය ඵල නෙළාගැනුණු අවස්ථාවක් ලෙස 1971 වසරේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ තම නීත්‍යනුකූල අසුන තහවුරු කරගන්නා අවස්ථාවේ ද ශ්‍රී ලංකාව චීනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම දැක්විය හැකිය. මෙවන් මිත්‍රත්වයක ජීවගුණය දිගුකාලීනව රැකගැනීම චීනය ප්‍රකට කරන විශිෂ්ට ගුණධර්මයකි. ඒ අනුව, ශ්‍රී ලංකාවට එල්ල වූ  මානව හිමිකම් අර්බුදවලදී චීනයේ පෙනීසිටීම විශේෂයෙන් සිහිපත් කළ යුතුය. 

දශක ගණනාවක මෙම ද්විපාර්ශ්වීය සහයෝගය මේ වනවිට අතිශය ශක්තිමත් ව තහවුරු වී තිබේ. මේ වනවිට චීනය ශ්‍රී ලංකාව තුළ කරන ආයෝජන, විශේෂයෙන් වරාය නගරය වැනි අතිදැවැන්ත ව්‍යාපෘති මීට ප්‍රබල නිදසුන් වේ. එය අනාගත ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික  ව්‍යුහය තුළ පුළුල් වෙනසක් නිර්මාණය කරනු ඇත.

අප දෙරට අතර සහල්-රබර් ගිවිසුමට වසර 70 ක් සහ නිල සබඳතාවන්ට වසර 65ක් සපිරෙන මේ සන්ධිස්ථානගත වසරේ,  සුබවාදී අනාගතයක් පිළිබඳව අපට අපේක්ෂා සහගත විය හැකි බව  ප්‍රවීණ මාධ්‍යවේදී නිලාර් එන්. කාසිම් මහතා පෙන්වාදෙයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම