අභියෝග හමුවේ පවා 2022 වසරේ චීන ආර්ථිකයේ ස්ථාවරත්වය ගෝලීය වශයෙන් තහවුරු වෙයි
2022-04-19 11:30:32
Share with:

 මෙම වසරේ පළමු කාර්තුවේ චීනයේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 4.8කින් වර්ධනය වී ඇතැයි ඊයේ (18) චීන ජාතික සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ දත්තවලින් හෙළි වේ. සංකීර්ණ වෙමින් පවතින ජාත්‍යන්තර තත්ත්වය හා දේශීය වශයෙන් උග්‍රවෙමින් පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ චීන ආර්ථිකයේ මෙම වර්ධනයේ විශිෂ්ටත්වය විදෙස් මාධ්‍ය පවා අගය කර තිබේ.

මේ වනවිට චීනයේ කොවිඩ් වසංගත පාලනය අභියෝගයකට මුහුණ දී ඇතත්, වසංගත පාලනය හා ආර්ථික සංවර්ධනය සමබර කිරීමට චීන රජය දැඩි ලෙස උත්සාහ දරමින් සිටී. ඒ අතරින් මූල්‍ය ස්ථාවරත්වය රැක ගැනීමට මෑතකදී චීන රජය ගෙන ඇති නව පියවර රැසක් කැපී පෙනේ. කොවිඩ් වසංගත බලපෑමට ලක් වූ ව්‍යවසායන්ට මූල්‍ය සහන ලබා දීම සහ රැකියා නියුක්තිය උපරිමයෙන් සහතික කිරීම වැනි පියවර, ආර්ථිකය විධිමත් ව ඉදිරියට ගෙන යාමට මහඟු පිටුබලයක් වී ඇත. මීට අමතරව, චීන ව්‍යවසායන් නවෝත්පාදන රටාවට හුරුවෙමින් සිටින බව දක්නට ලැබේ. නව තාක්ෂණික ක්‍රමවේද උපයෝගී කරගෙන නිෂ්පාදන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම ලෙස පවත්වාගෙන යාමට බොහෝ චීන ව්‍යවසායන් කටයුතු කර තිබේ.

ආර්ථික වර්ධනය පිළිබඳව චීනයට ඇත්තේ පූර්ණ විශ්වාසයකි. චීනය ගෝලීය ව්‍යවසායන්ගෙන් 60%ක ප්‍රියතාවක් දිනා සිටින ආයෝජන ගමනාන්තයක් බව චීන-ඇමරිකානු වාණිජ සංගමය පසුගිය මාර්තු මස නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. එම වාර්තාවට අනුව ගෝලීය ව්‍යවසායන්ගෙන් 66%ක් මේ වසරේ චීනයේ ආයෝජන ඉහළ නැංවීමට අපේක්ෂා කරයි. චීන ආර්ථිකයේ ස්ථාවර වර්ධනය සිය ව්‍යාපාර වෙනුවෙන් යහපත් වර්ධන අවස්ථා ලබා දී ඇතැයි එම ව්‍යවසායන් සඳහන් කර තිබේ.

අභියෝග හමුවේ 2022 වසරේ චීන ආර්ථිකය ස්ථාවර මට්ටමක පවතින බව ගෝලීය විශ්වාසයයි.

 

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම