ශ්‍රී ලංකා රජය හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර නිල සාකච්ඡා හෙට සිට දින 5ක්
2022-04-17 15:44:05
Share with:

ශ්‍රී ලංකා රජය හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර නිල සාකච්ඡා හෙට (18)  ඇරඹෙයි. දින 5 ක් සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ඊට සහභාගි වීම සඳහා මුදල් ඇමති අලි සබ්‍රි මහතා ප්‍රමුඛ නියෝජිත පිරිස ඇමරිකාවේ වොෂිංටන් නගරය බලා යනු ඇත. මුදල් අමාත්‍යංශයේ ලේකම් කේ එම් එම් සිරිවර්ධන මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරු නියෝජිත පිරිසේ සෙසු සාමාජිකයෝ වෙති. ආර්ථික අර්බුදය කළමනාකරණය කරමින් ඉන්ධන හා ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉදිරි මාස 6 තුළ ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් කෝටි 300 ක පමණ ආධාර අවශ්‍ය වෙයි. ඒ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ඩොලර් කෝටි 300 ක මුල්‍යාධාර අපේක්ෂා කරන බව මුදල් අමාත්‍යංශය කියයි.

 


ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම