අසත්‍ය සහ නොමග යවන තොරතුරු සහිත මාධ්‍ය වාර්තා කෙරෙහි සැලකිලිමත්වන ලෙසට ශ්‍රී ලංකා යුද හමුදාව ගෙන් මහජනතාවට ඉල්ලීමක්
2022-04-17 15:46:58
Share with:

අසත්‍ය සහ නොමග යවන තොරතුරු සහිත මාධ්‍ය වාර්තා කෙරෙහි සැලකිලිමත් වන ලෙසට ශ්‍රී ලංකා යුද හමුදාව මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ශ්‍රී ලංකා යුද හමුදාව අපකීර්තියට පත්කෙරෙන කිසිදු පදනමකින් තොර වැරදි තොරතුරු සමාජගත කිරීමේ ව්‍යාපාරයන් ක්‍රියාත්මක වෙමින් පවතින බවට පෙනී ගොස් ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. හමුදා නිලධාරීන් හිංසාකාරී ක්‍රියා සඳහා යොමු කිරීමට පුහුණුව ලබා දෙමින් තිබෙන බවට ඇතැම් පුද්ගලයන් විසින් වැරදි තොරතුරු සමාජගත කර තිබේ. ශ්‍රී ලංකා යුද හමුදාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ කිසිදු හමුදා නිලධාරියෙකු රට තුළ පවතින ආතතිකාරී තත්ත්වයන්ට සම්බන්ධ වී නොමැති බවයි. සාමාන්‍ය පරිදි හමුදා  පුහුණුවීම් කටයුතු සිදු කෙරෙමින් පවතින අතර කිසිදු විශේෂිත පුහුණුවක් ලබාදීමක් සිදු නොවන බව  ද යුධ හමුදාව කියා සිටී.‍‍

 


ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම