"වැඩිහිටියන්ගේ ජීවිතවලට වඩා ජාතික ආර්ථිකය වැදගත්" බව කියන ඇමරිකාව
2022-04-16 20:03:04
Share with:

මෑතකදී ඇමරිකානු සමාජ මාධ්‍යයන් හි Boomer Remover යන තේමාව බොහෝ ප්‍රසිද්ධියට පත්විය. පසුගිය 20 වැනි සියවයේ 40 වන දශකයේ සිට 60 දශකය දක්වා, ඇමරිකාවේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ළදරුවන් වැඩියෙන් ඉපදීමේ පළමු යුගය උදා වී තිබේ. මෙම කාලය තුළ උපත ලද පරම්පරාව පොදුවේ " Boomer " ලෙස හැඳින්වේ. ඔවුන්ගෙන් වැඩිදෙනෙක් දැනට වයස්ගතව සිටිති. Boomer Remover යන වචන දෙකින් හැඟවෙන්නේ වෛරසය ආසාදනය වී ඇති වැඩිහිටියන් "තුරන් ව යාමට" ශාප කරන්නාක් බඳු ද්වේෂසහගත බවකි. ලෝකයේ දියුණුම වෛද්‍ය උපකරණ සහ තාක්‍ෂණය සහිත ඇමරිකාව ලෝකයේ වැඩිම ආසාදන හා මරණ සංඛ්‍යාවක් ඇති වූ රට බවට පත්ව ඇත. ඇමරිකානු STAT වෙබ් අඩවියේ 2021 අගෝස්තු මස 30 වැනි දා පළවූ වාර්තාවකට අනුව,ඒ වනවිට නව කොරොනා වසංගතයෙන් මියගිය ඇමරිකානු වැඩිහිටියන් සංඛ්‍යාව සමස්ත මරණ සංඛ්‍යාවෙන් පහෙන් හතරක් වන අතර, ඔවුන්ගෙන් වැඩි පිරිසක් මියගොස් ඇත්තේ සාත්තු නිවාස තුළදී ය.

"වැඩිහිටියන්ගේ ජීවිත රට වෙනුවෙන් බිලි දිය හැකි" බවත් "වැඩිහිටියන්ගේ ජීවිතවලට වඩා ජාතික ආර්ථිකය වැදගත්" බවත් ඇමරිකානු දේශපාලනඥයන්  ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබීම ඛේදජනකය.

 

 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම