ඇමරිකානු ගැලවුම්කරුවකුගේ නාටකයේ තිරය පිටුපස සැබෑ කතාව
2022-04-16 19:12:35
Share with:

   වසර 2021 අගෝස්තු මාසයේ ඇමරිකානු හමුදාව ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වූ විට කාබුල් ගුවන් තොටුපළ අවුල් සහගත තත්ත්වයකට පත් විය.

ඇෆ්ගන් යුවළක් පැවති හදිසි තත්ත්වය හමුවේ මාස දෙකක් වයසැති තම පුතා කාබුල් ගුවන්තොටුපළ තුළ සිටින ඇමරිකානු භටයෙකුට ලබා දුන්හ. ඒ මොහොත සටහන් වූ ඡායාරූපය ඇමරිකානු මාධ්‍ය විසින් ඇමරිකානු ගැලවුම්කරුවෙකුගේ ස්වරූපය ප්‍රචාරය කිරීම සඳහා යොදා ගැනිණ. එහෙත් ඒ බිළිඳා ඇමරිකානු භටයා විසින් රැගෙන නොබෝ වේලාවකින්ම ගුවන් තොටුපළ පරිශ්‍රයේ අත්හැර දමනු ලැබීය. ඇෆ්ගනිස්ථානයෙන් බැහැරව යාමට සැලසුම් කළ කුලී රථ රියදුරෙක් බිළිඳා සොයාගෙන සිය සැලැස්ම අතහැර ඔහු නිවසට රැගෙන ගියේය. පවුලේ අය සොයා ගන්නා තුරුම ඔහු බිළිඳා රැක බලා ගත්තේය.‘ඇමරිකානු හමුදාව විසින් ඇෆ්ගනිස්ථානයේ බිළි‍ඳෙකු බේරා ගැනීමේ නාටකයේ’ තිරය පිටුපස වූ සැබෑ කතාව මෙයයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම