චීන අභ්‍යවකාශ ඉතිහාසයේ ස්වර්ණමය ජයග්‍රහණ
2022-04-16 20:23:39
Share with:

බෙයිජිං වේලාවෙන් අද (16) පෙරවරු 9:56ට මිනිසුන් සහිත Shenzhou 13 අභ්‍යවකාශ යානය සාර්ථකව යළි පෘථිවියට පැමිණ තිබේ.ඒ අනුව, දින 183 ක් පුරා අභ්‍යවකාශ මධ්‍යස්ථාන සංකීර්ණයේ සක්‍රිය ව රැඳී සිටින ගගනගාමීන් තිදෙනාගේ අභ්‍යවකාශ මෙහෙයුම සාර්ථකව නිමාවට පත්විය.

Shenzhou 13 අභ්‍යවකාශ යානය යළි පෘථිවියට පැමිණීමේ මොහොත, චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කේන්ද්‍රීය තාක්ෂණ සත්‍යායන අදියරේ මෙහෙයුම් සම්පූර්ණ කිරීම සටහන් කරයි. ඉන් “අභ්‍යවකාශය පොදුවේ බෙදාගැනීම ” පිළිබඳ එක්සත් ජාතීන්ගේ යෝජනාව ඉටුකිරීම සඳහා තවත් ඉදිරි පියවරක් තබා ඇත.

පසුගිය 1992 වසරේ චීනය ගගනගාමීන් සහිත අභ්‍යවකාශ  ව්‍යාපෘතියේ අදියර තුනකින් සංවර්ධනය කිරීමේ උපායමාර්ගය ක්‍රියාවට නැංවීය. ස්වයං නවෝත්පාදනය අනුගමනය කරන චීනය, රුසියාව, ජපානය හා යුරෝපය සමඟ ජාත්‍යන්තර සහයෝගිතා තහවුරු කරමින් නියමිත ඉලක්කය කරා ඉදිරියට යමින් සිටී.

මෙම මෙහෙයුම සාර්ථකව අවසන් වීම, චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉදිකිරීමේ සමාරම්භය සටහන් කරයි. ටොන් 60ත් 180ත් අතර බරකින් යුතු  විශාල ස්ථිර අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ඉදිකිරීම මෙහි ප්‍රධාන ඉලක්කයකි.වසර ගණනාවකින් පසු එය,  කක්ෂයක රැඳවෙන එකම අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් බවට පත්විය හැකිය. එය චීනය ලබා ගත් වැදගත් තාක්ෂණික ජයග්‍රහණයක් පමණක් නොව, එමගින් සමස්ත මානව සංහතියේ අභ්‍යවකාශ ගවේෂණ නව යුගය ආරම්භ කෙරෙයි.

චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය, එක්සත් ජාතීන්ගේ සියලු සාමාජික රටවල් වෙත විවෘත කෙරෙන ප්‍රථම අභ්‍යවකාශ මධ්‍යස්ථානය වේ. මීට පෙර එවැනි අවස්ථාවක් වෙනත් කිසිදු රටක් ලබාදී නොතිබිණ. එය, ගෝලීය වශයෙන් අභ්‍යවකාශය පොදුවේ බොදාගැනීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ යෝජනාවේ වැදගත් කොටසක් වන අතර එය දැවැන්ත ආදර්ශනයකි.

අභ්‍යවකාශය සමස්ත මානවයන්ට හිමි වේ.ලෝකයට විවෘත කරන චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමස්ත මානවයන්ගේ පොදු නිවහනක් බවට පත්වනු ඇත. අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීම සඳහා චීනය නිරත වූ අඛණ්ඩ ප්‍රයත්නය මෙහි ගැබ්ව පවතී.


ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම