ආහාර සුරක්ෂිතතා අභියෝග පිටුදැකීමට එක්සත් ජාතීන්ගේ සහ යුරෝපා සංගම්වල මුලපිරුමක්
2022-04-15 10:07:40
Share with:

රුසියානු-යුක්රේන ගැටුම හේතුවෙන් ගෝලීය ආහාර සැපයුමට ඇති අවදානම පිටුදැකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආයතනය සහ යුරෝපා සංගමය අතර සාකච්ඡාවක් පැවැත්වේ.

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පසුගිය 13 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කළේය. ආහාර සුරක්ෂිතතා අභියෝගයන්ට ඒකාබද්ධව මුහුණ දීම සඳහා අස්ථාවර රටවලට වැඩි සහයෝගයක් ලබාදෙන්නැයි එක්සත් ජාතීන්ගේ හා යුරෝපා සංගම්වල නිලධාරීන් එහිදී ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියේය.

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ ප්‍රකාශයට අනුව, එක්සත් ජාතීන්ගේ සහ යුරෝපා සංගමයේ නිලධාරීන්, ප්‍රංශය සහ යුරෝපා සංගමය විසින් ඉදිරිපත් කරන ආහාර සුරක්ෂිතතා මුලපිරීමක් ගැන සාකච්ඡා කර තිබේ. අවදානමට ලක්විය හැකි රටවල දිගුකාලීන ආහාර සුරක්ෂිතතාව පවත්වා ගැනීම සඳහා දේශීය හා කලාපීය වශයෙන් තිරසර ආහාර නිෂ්පාදනය ප්‍රවර්ධනය කරන අතරම, වඩාත් අවදානමට ලක්විය හැකි රටවලට දැරිය හැකි මිලකට ආහාර සැපයීමට සහාය වීම මෙම මුලපිරීමේ අරමුණයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම