ඇමරිකාවේ මානව හිමිකම් ආයුධය ලෝකයට දරුණු තර්ජනයක් වෙමින් පවතී
2022-04-15 12:45:41
Share with:

පසුගිය 12 වැනිදා ඇමරිකාවට බිහිසුණු දිනයක් විය. එදින උදෑසන නිව්යෝර්ක් නගරයේ බෘක්ලින් උමං දුම්රිය ස්ථානයේදී 28 හැවිරිදි ගැබිනි කාන්තාවක්, 12 හැවිරිදි දරුවෙකු සහ නිරායුධ මගීන් 20 දෙනෙකුට වැඩි පිරිසක් හදිසි වෙඩි තැබීමකට ලක්වූහ.

මේ සමගම, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඊනියා "2021 ජාත්‍යන්තර මානව හිමිකම් වාර්තාව" නිකුත් කළේය. එම වාර්තාව මගින් ලොව පුරා රටවල් 200 කට ආසන්න සංඛ්‍යාවක මානව හිමිකම් තත්ත්වය විවේචනය කර ඇත. ඇත්ත වශයෙන්ම, මෙවරත් සෑමවිටම මෙන්, තම රටේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ එහි සඳහනක් නැත.

ඇමරිකානු ජනතාව විඳදරාගන්නා ජීවිත අවදානම හෝ සමීපතමයන් අහිමිවීමේ වේදනා නොසලකා හරිමින්, ඒ වෙනුවට ඔවුහු වෙනත් රටවල මිනිසුන්ගේ මානව හිමිකම් සම්බන්ධයෙන් "සැලකිලිමත්" වෙති. එවැනි උත්ප්‍රාසාත්මක ක්‍රියාවකින් ඇමරිකාව "ව්‍යාජ මානව හිමිකම්" සහ "සැබෑ අධිපතිවාදය" යනු කුමක්දැයි ලොවට ප්‍රදර්ශනය කර ඇත.

මෑත වසරවලදී, ඉරාකයේ, ඇෆ්ගනිස්ථානයේ සහ සිරියාවේ යුද්ධවල සිට නැගෙනහිර යුරෝපයේ සහ බෝල්කන් වල සිදු වූ "වර්ණ විප්ලව" දක්වා, ඇමරිකානු "මානව හිමිකම් ආයුධ" මානුෂීය ව්‍යසන විශාල ප්‍රමාණයක් නිර්මාණය කර තිබේ.

"මානව හිමිකම් ආයුධ" අතැතිව සිටින ඇමරිකාව මානව වර්ගයාගේ බලාපොරොත්තු විනාශ කරමින්, අනාගත ප්‍රවණතා අවහිර කරමින් සිටී. එය ලෝකයට දරුණු  තර්ජනයක් වෙමින් පවතී.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම