ආසියානු සම්භවයක් සහිත ඇමරිකානුවන් වර්ගවාදය නිසා අත්විඳින හිංසන, ඇමරිකානු ඉතිහාසයේ අපවිත්‍ර කළු පැල්ලමය
2022-04-15 20:43:08
Share with:

ඇමරිකාවේ Pennsylvania විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ ආචාර්ය Amy Wax මෑතකදී ෆොක්ස් නිවුස් නාලිකාවේ වැඩසටහනකට එක්වෙමින්, එරට ඉන්දියානු සංක්‍රමණිකයන්ට ප්‍රහාර එල්ල කළාය. ‘ඔවුන්ගේ රට වැසිකිළියක්’ බව පවසමින් ඇය කළ කතාව, ලෝ වැසියන්ගේ කම්පනයට හේතු විය. මෙය ඇමරිකාවේ සිටින ආසියානු සම්භවයක් සහිත පිරිස, වෙනස් කොට සැලකීම මෙන්ම වර්ගවාදී පීඩනයට ලක්වීම පිළිබිඹු කෙරෙන තවත් සිද්ධියකි.

ලොව සියලුදෙනාගේ සමානාත්මතාව පිළිබඳ නිතර  ප්‍රකාශ කරන ඇමරිකාව, Amy Wax බඳු අයෙකුට වර්ගවාදය ප්‍රසිද්ධියේ ප්‍රචාරය කිරීමට ඉඩ දුන්නේ කෙසේ ද? චීන මානව හිමිකම් සංගමය අද(15) පළ කළ වාර්තාවක් එම ප්‍රශ්නය විග්‍රහ කර ඇත. ‘ආසියානු සම්භවයක් සහිත ඇමරිකානුවන්ට වෙනස් කොට සැලකීමේ තත්ත්වය  ක්‍රමයෙන් උග්‍ර වීම, ඇමරිකානු සමාජයේ වර්ගවාදී ස්වභාවයේ  පිළිබිඹුවක්’ යන්න එම වාර්තාවේ තේමාව වේ.

ඇමරිකාව  මුල සිටම, සුදු ජාතික ඇන්ග්ලෝ-සැක්සන් රෙපරමාදුවරුන්ගේ රටක් බව එම වාර්තාව සාක්ෂි හා දත්ත සහිතව පෙන්වා දෙයි.  සෙසු සුළු ජන වාර්ගිකයින් සේම, ඇමරිකාවේ වෙසෙන ආසියානු සම්භවයක් සහිත පිරිස මානව හිමිකම් ඇතුළු බොහෝ ක්ෂේත්‍රවලදී හිංසනයට  ලක්ව සිටිති. ‘සමේ පාට ඇමරිකානුවන්ගේ දෛවය තීරණය කරයි’ යන්න ඇමරිකානු සමාජයේ අයෝමය න්‍යායයි. එය Amy Wax බඳු අයට වර්ගවාදය ප්‍රචාරය කිරීමට ධෛර්යය ලබා දී තිබේ.

ආසියානුවන් ඇමරිකාවට සංක්‍රමණය වීම 19 වැනි සියවසේ මැද භාගයේ සිටම ඇරඹිණ. ඇමරිකාවේ ආර්ථිකය හා සමාජයේ වර්ධනය  සඳහා එම පිරිස සුවිශාල දාකයත්වයක් ලබා දී තිබේ. එහෙත්, ඇමරිකාවේ විවිධ ඓතිහාසික කාල වකවානුවලදී, ආසියානු සංක්‍රමණිකයන් අගතිය, වෛරය හා වර්ගවාදී ප්‍රචණ්ඩත්වයෙන් දැඩි පීඩා අත්විඳ තිබේ. ‘ආසියානු සම්භවයක් සහිත ඇමරිකානු ජාතිකයින් කෙරේ වර්ගවාදය, ඇමරිකානු ඉතිහාසයේ අපවිත්‍ර කළු පැල්ලමයි’ යනුවෙන් ඇමරිකාවේ ඒ.පී. පුවත් සේවය වාර්තා කර ඇත. 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම