සංවෘත නොවන චීනයේ විවෘතභාවය තවදුරටත් තහවුරු වෙයි
2022-04-14 10:26:02
Share with:

දකුණු චීනයේ Hainan පළාතේ නිල සංචාරයක නිරත වූ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පසුගිය 12වැනි දා Yangpu ආර්ථික සංවර්ධන කලාපයේ නිරීක්ෂණය කළේ ය. එහි සංවර්ධන කටයුතු හා චීන ලක්ෂණයන්ගෙන් යුත් නිදහස් වෙළඳ වරායේ සංවර්ධන තත්ත්වය හෙතෙම විමසා බැලුවේ ය. එදින, චීන රේගු මහ පරිපාලනය නිකුත් කළ නවතම දත්තවලට අනුව, Hainan පළාතේ විදේශ වෙළඳ ආනයන හා අපනයන වටිනාකම 2017 වසරේ පැවති චීන යුවාන් බිලියන 70.28 සිට, 2021 වසරේ දී චීන යුවාන් බිලියන 147.68ක් දක්වා වර්ධනය වී තිබේ.

2018 වසරේ අප්‍රේල් මස 13වැනි දා, චීන ලක්ෂණයන්ගෙන් යුත් නිදහස් වෙළඳ වරාය Hainan හිදී ආරම්භ කෙරිණ. ගතවූ වසර 4 තුළ, එම වරාය මගින් සිදු කර ඇති සමස්ත ආනයන වටිනාකම චීන යුවාන් බිලියන 7 ඉක්මවා ඇති අතර, විදේශ ආයෝජන වටිනාකම වාර්ෂික ව දළ වශයෙන් 79.4%කින් වැඩි වී ඇත. මෙවැනි ප්‍රායෝගික ප්‍රගති මගින් චීනයේ විවෘතභාවය පුළුල් කිරීමේ අධිෂ්ඨානය හා ලෝකය සමග එක්ව පොදු ජයග්‍රහණය අත් කරගැනීමේ ප්‍රයත්නයන් පිළිබිඹු කෙරේ.

Hainan පළාත ඇතුළු චීනය පුරා, නව වටයේ වඩාත් ඉහළ ගුණාත්මක විවෘතභාවය ලෝකයට වඩාත් වැඩි අවස්ථා සලසා දෙනු ඇති අතර ලොව ආර්ථික ප්‍රකෘතියට අත්‍යවශ්‍ය ශක්තිය සපයා දෙනු නොඅනුමානයි. සංවෘත නොවන චීනයේ විවෘතභාවය තවදුරටත් පුළුල් වනු ඇත. මෙය, චීනය ලෝකයට ලබා දුන් ගම්භීර ප්‍රතිඥාවකි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම