සිංහල අලුත් අවුරුද්ද නිමිත්තෙන් චීනයෙන් ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී පවුල් දසදහසකට ආහාර මලු ප්‍රදානයක්
2022-04-13 14:51:56
Share with:

 සාම්ප්‍රදායික සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වීමට පෙර, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොන්ග් මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශීය සම්බන්ධතා දෙපාර්තමේන්තුව නියෝජනය කරමින්, අඩු ආදායම්ලාභී ලාංකික පවුල් දස දහසකට ආහාර මලු ප්‍රදානය කර තිබෙනවා.

එම ආහාර මලු පරිත්‍යාග කිරීමේ අවස්ථාවේ තානාපතිවරයා ගල්කිස්ස හා කඩුවෙල යන ප්‍රදේශවල පුරවැසියන් සමග පිළිසඳරකට ද එක්වීම විශේෂත්වයක්. මෙම වසර චීනය හා ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාව පිහිටුවීමේ 65වැනි සංවත්සරය හා සහල් රබර් ගිවිසුම අත්සන් තැබීමේ 70 වැනි සංවත්සරය සැමරෙන වසරයි. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුවද, චීනය සෑමවිටම ශ්‍රී ලංකාවේ විශ්වසනීය  මිත්‍රයෙකු මෙන්ම හවුල්කරුවෙකු බව චීන තානාපතිවරයා මෙහිදී පැවසුවා. රටවල් දෙකක් අතර මිත්‍රත්වය, ජනතාව අතර පවතින ළෙන්ගතුකමින් වඩාත් ප්‍රකට වනවා. චීනය පෙර සේම ශ්‍රී ලංකාවේ සමාජය හා ජන ජීවිතයට හැකි පමණින් සහාය වන බවත් ඔහු කියා සිටියා.

මෙම වසරේ රාමසාන් කාලය උදාවීමට පෙර, මාර්තු මස 30වනදා චීන තානාපතිවරයා හා එම ආර්යාව, තානාපති කාර්යාලය වෙනුවෙන්, දිළිඳු තත්ත්වයෙන් පෙළෙන මුස්ලිම් පවුල් 650ක් වෙත ද ආහාර මලු පිරිනමමින් රටේ සමස්ත මුස්ලිම් ජනතාව වෙත සුබ ප්‍රාර්ථනා කළා. නව කොරොනා වසංගතය නිසා මේ කාලය තුළ ශ්‍රී ලංකාව බරපතල අසීරුතාවන්ට මුහුණ පා සිටිනවා. ශ්‍රී ලංකා ජනතාවගේ අසීරුතා, තමාගේම අසීරුතා ලෙස සලකන චීන ජනතාව, විශාල එන්නත් තොග, වසංගත පාලන භාණ්ඩ හා ආහාර සහනාධාර මෙන්ම මූල්‍ය සහාය ද ලබා දුන්නා. ඒ හැරෙන්නට, චීන සමාගම් විසින් භාර ගන්නා සහයෝගතා ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාවට නැංවීම ශ්‍රී ලංකාවේ රැකියා නියුක්තිය හා ජන ජීවිතයේ ප්‍රවර්ධනයට පිටුබලයක් වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ අර්බුදකාරී තත්ත්වයෙන් වැඩිම බලපෑම් එල්ලවී ඇත්තේ මහ ජනතාවටයි. චීන තානාපති කාර්යාලය උත්සව සමයට පෙරම ජනතාවට ඍජුව සහනාධාර පිරිනැමුවේ ඒ ගැන මනා අවබෝධයකින් පසුවන නිසයි.  සාමය හා සමෘද්ධිය යළිත් ශ්‍රී ලංකාවට උදාවී ඉන්දියන් සාගරයේ මුතු ඇටය සදාකාලික දීප්තියෙන් බැබළේවා යන්න අපගේ  පැතුමයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම