හයිනන් නිදහස් වෙළඳ වරායේ සංවර්ධනය චීන ජනපතිගේ දැඩි අවධානයට
2022-04-13 15:09:41
Share with:

ඊයේ ( 12 ) හයිනන් පළාතේ නිරීක්ෂණ චාරිකාවේ නිරත වූ චීන ජනාධිපති ෂි ජීන් පීං මහතා Danzhou නගරයේ Yangpu ආර්ථික සංවර්ධන කලාපයට පැමිණියා.එහි පිහිටි Yangpu ප්‍රදර්ශන ශාලාව හා Yangpu ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහන වරාය ජනාධිපතිවරයාගේ  නිරීක්ෂණයට ලක්වුණා.  


යිනන් නිදහස් වෙළඳ වරාය ගොඩනැගීම, ෂී ජින්පිං මහතාගේ  උපදෙස්, සැලසුම් හා පෙළඹවීම යටතේ ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ හා විවෘතභාවයේ වැදගත් පියවරක්.

2018 වසරේ අප්‍රේල් මස 13 වනදා හයිනන් හි, පළාත් පරිපාලනය යටතේ විශේෂ ආර්ථික කලාපයක් පිහිටුවීමේ 30 වැනි සංවත්සරය උදාවුණා.ඒ සඳහා පැවති සැමරුම් උත්සවයට සහභාගි වූ ෂී ජින්පිං මහතා හයිනන් දූපතේ නිදහස් වෙළඳාම පිළිබඳ අත්හදා බැලීමේ කලාපයක් පිහිටුවීමේ වැදගත් තීරණය ප්‍රකාශ කළා. ‘හයිනන් නිදහස් වෙළඳ වරාය’ චීන ලක්ෂණ සහිත නිදහස් වෙළඳ වරායක් ලෙස සංවර්ධනය කිරීමට මෙන්ම ප්‍රතිපත්ති හා පද්ධතිය ස්ථාපනයට චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අනුබල දෙන බව ද ෂී ජින් පිං මහතා එහිදී පැවසුවා. 

වසර හතරකට පසුව, ෂී ජින්පිං මහතා Yangpu ආර්ථික සංවර්ධන කලාපයට පැමිණ එහි චීන ලක්ෂණ සහිත නිදහස් වෙළඳ වරායේ සංවර්ධනය පිළිබඳ තත්ත්වය විමසා බැලුවා.නිදහස් වෙළඳ වරාය, වත්මන් ලෝක ආර්ථීකයේ ඉහළම මට්ටමේ විවෘතභාවය ප්‍රකට කරනවා. හයිනන් නිදහස් වෙළඳ වරාය ඉදිකිරීමේ ආරම්භක කාලයේ සිට මේ දක්වා ෂී ජින් පිං මහතා සෑමවිටම ඊට අවධානය යොමු කරමින් සිටිනවා.

මෙවර චාරිකාව අතරතුර, ඔහු නිරීක්ෂණය කරන  Yangpu ආර්ථික සංවර්ධන කලාපය හයිනන් නිදහස් වෙළඳ වරාය ඉදිකිරීමේ ආදර්ශනයක්. චීන ලක්ෂණ සහිත නිදහස් වෙළඳ වරාය ගොඩනැගීමේ නව වගකීම භාරගන්නා හයිනන් පළාත, නව යුගයේ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය පූර්ණ වශයෙන් තහවුරු කිරීමේ ආදර්ශනය නිර්මාණය කරමින් වඩා ඉහළ මට්ටමේ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවයේ නව ව්‍යුහයක් බිහිකරනු ඇති.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම