තම රටේ වාසිය පමණක් සලකා න්‍යෂ්ටික අපජලය මුහුදට මුදාහැරීමට ජපානය ගත් තීරණය අතිශය අත්තනෝමතික පියවරකි
2022-04-12 20:51:22
Share with:

පසුගිය වසරේ අප්‍රෙල් මස 13 වනදා Fukushima න්‍යෂ්ටික අපජලය මුහුදට මුදා හැරීම පිළිබඳව තීරණය ජපානය ප්‍රකාශ කර ඇත. ජගත් ප්‍රජාවේ දැඩි විවේචන හා 180,000කට වැඩි ජපාන ජනතාවගේ ඒකාබද්ධ විරෝධතාව නොසලකා මෑතකදී ටෝකියෝ විදුලිබල සමාගම මේ මස මැද භාගයේ අදාළ අපජලය මුදා හැරීම සඳහා මුහුද යට, ජල මෝයක ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.ජපාන මාධ්‍ය වාර්තාවලට අනුව, එළඹෙන වසරේ වසන්ත කාලයේදී න්‍යෂ්ටික අපජලය මුහුදට මුදා හැරීම නිල වශයෙන් ආරම්භ කෙරෙනු ඇත.

ජනතා අදහස් විමසීම, ජපානයට පැමිණ අදාළ තත්ත්වය පරීක්ෂා කිරීමට ජාත්‍යන්තර ආයතනවලට ආරාධනා කිරීම යන කටයුතු,  න්‍යෂ්ටික අපජලය මුහුදට මුදාහැරීමේ ජපානයේ සැබෑ අරමුණ සැඟවූ ව්‍යාජ මවාපෑම් වේ.

 න්‍යෂ්ටික අපජලය මුහුදට මුදාහැරීම යනු එක් රටක ක්‍රියාවකි. එහෙත් එහි බලපෑම එල්ලවන්නේ එක් රටකට පමණක් නොවේ. එය ගෝලීය මුහුදු ජෛව පරිසර සුරක්ෂිතභාවය හා ඒ ආශ්‍රිත රටවල ජනතාවගේ දිවිපැවැත්ම හා ඍජුව සම්බන්ධ කාරණයකි. ප්‍රබල විරෝධතා පවතිද්දීත්, ජපන් රජය මෙම තීරණය වෙනස් නොකිරීමට බලපා ඇති පසුබිම විමසිය යුතුය. පළමුව, ආර්ථිකය සැලකීමේදී න්‍යෂ්ටික අපද්‍රව්‍ය කෙළින්ම මුහුදට මුදාහැරීමෙන් පිරිවැය ඉතිරි කර ගැනීමට මෙන්ම දිගුකාලීන තාක්ෂණික පර්යේෂණවල අසීරුතා මග හැරිය හැකි වේ. දෙවැන්න,ඇමරිකාව ජපානයේ දූෂණ අපජලය මුහුදට මුදාහැරීමට ගත් තීරණයට ප්‍රසිද්ධියේම සහාය පළකර ඇත.

එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතියට අනුව, ලෝකයේ ඒ ඒ රටවල් මුහුදු පරිසරය ආරක්ෂා කිරීම පිළිබඳ සිය වගකීම් භාර ගත යුතුය. න්‍යෂ්ටික අපජලය ආරක්ෂිතව බැහැර කිරීමේ නිවැරදි ක්‍රමවේද අනුගමනය නොකර, ජපානය අදාළ තොරතුරු ද වසන් කරමින් සිටී. අසල්වැසි රටවල් හා ජාත්‍යන්තර ආයතන සමඟ අදහස් හුවමාරු කරනොගෙන, තම රටේ වාසිය පමණක් සලකා න්‍යෂ්ටික අපජලය මුහුදට මුදාහැරීමට ජපානය තීරණය කිරීම අතිශයින්ම වගකීම් විරහිත, ක්‍රියාවකි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම