පාකිස්ථානයේ නව අග්‍රාමාත්‍යවරයා දිවුරුම් දෙයි
2022-04-12 10:30:31
Share with:

Muhammad Shahbaz Sharif පාකිස්ථානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි.

පාකිස්ථාන මහජන පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයෙකු තෝරා ගැනීම සඳහා වන ඡන්ද විමසුම ඊයේ(11) පැවැත්විණ. මන්ත්‍රීවරුන් 174 දෙනෙකුගේ සහය සමග මුස්ලිම් ලීගයේ සභාපති Muhammad Shahbaz Sharif මහතා පාකිස්ථානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස එහිදී තේරී පත් විය.

අග්‍රාමාත්‍යවරයා දිවුරුම් දීමේ උත්සවය, ජනාධිපති මන්දිරයේ දී ඊයේ(11) පැවැත්විණ. පාකිස්ථාන සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ සභාපති Sadiq Sanjrani මහතා උත්සවයේ මුලසුන දැරූ අතර, හිටපු පාකිස්ථාන අග්‍රාමාත්‍ය Yousuf Raza Gillani සහ මහජන පක්ෂයේ සභාපති Bilawal Bhutto Zardari යන මහත්වරු ද ඊට සහභාගි වූහ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම