ස්වාභාවික පරිසරය සුරැකීම හයිනන් පළාතට ඉතා වැදගත් වන බව චීන ජනාධිපතිවරයා පවසයි
2022-04-12 20:01:11
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ (11) හයිනන් නිවර්තන වැසි වනාන්තර ජාතික උද්‍යානයේ වූජීෂන් කොටස නිරීක්ෂණය කළා. එහි  ස්වාභාවික පරිසරය ආරක්ෂා කිරීම හයිනන් පළාතට ඉතාම වැදගත් වන අතර හයිනන් නිවර්තන වැසි වනාන්තර ජාතික උද්‍යානයේ සංවර්ධනය මේ යටතේ ඉතා වැදගත් කාරණයක් බව ෂී ජින්පිං මහතා එම සංචාරයේදී අවධාරණය කළා.

මේ අතර, ෂී ජින්පිං මහතා ඊයේ (11) හයිනන් පළාතේ වූජීෂන් නගරයේ ලි ජනවර්ගය වෙසෙන මාඕනා ගම්මානයේ සංචාරය කළා. එම ගම්මාන‍ය වූජීෂන් නගරයේ ප්‍රථම ග්‍රාමීය සංචාරක ආදර්ශ ගම්මානයයි.  මේ වන විට, මාඕනා ගම්මානයේ තැන් තැන්වල තේ සුවඳ විඳිය හැකියි. එහි තේ වගාව, චීන සම්ප්‍රදායික ඖෂධීය ශාඛ වගාව සහ ලී ජනතාවට ආවේණික රෙදි කර්මාන්ත එම ගම්මානය දරිද්‍රතාවෙන් මුදාගෙන සංවර්ධනයට කරා රැගෙන ගොස් තිබෙනවා.

චීනයේ විශාලතම විශේෂ ආර්ථික කලාපය වන හයිනන් පළාතට අනන්‍ය භූගෝලීය පිහිටීමක් හිමි යි. රටේ ප්‍රශස්තම පරිසර පද්ධතිය මෙහි පවතින අතර එහි ස්වාධීන පිහිටීම හේතුවෙන්, චීනයේ ප්‍රතිසංස්කරණ සහ විවෘත භාවය සඳහා පර්යේෂණ වේදිකාවක් බවට පත්වීමේ සුවිශේෂ වාසිය හයිනන් පළාත සතු බවත් ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නා.


ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම