රට හමුවේ ඇති අර්බුදවලට විසඳුම් සෙවීමේ වගකීම රජය භාරගන්නා බව අග්‍රාමාත්‍යවරයා කියයි
2022-04-12 17:15:26
Share with:

රට හමුවේ ඇති අර්බුදවලට විසඳුම් සෙවීමේ වගකීම රජය භාරගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. පවතින ගැටලු සඳහා කඩිනම් විසඳුම් සෙවීම රජයේ අරමුණයි. ඒ සඳහා දැවැන්ත වැඩපිළිවෙළක් දැනටමත් ආරම්භ කර තිබේ. අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළකළේ, ඊයේ (11) රාත්‍රියේ ජාතිය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.

ජනතාව මුහුණ දී ඇති දුෂ්කරතා පිළිබඳව රජය මනා අවබෝධයකින් පසුවෙයි. රට ගොඩනැගීමට සෑම පක්ෂයකටම ආරාධනා කළ බව ද අගමැතිවරයා පැවසීය. මේ අවස්ථාවේදී  රටේ ආර්ථිකය ශක්තිමත් කරගැනීම සියලු දෙනාගේම වගකීමකි.

පොහොර සහනාධාරය ගොවි ජනතාවට යළි සැපයීමට ද රජය තීරණය කර තිබේ. සියලුදෙනාගේම ඉවසිලිවන්ත ධෛර්යය මේ මොහොතේදී රටට අවශ්‍ය බව ද අගමැතිවරයා කියාසිටියේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම