රුසියානු-යුක්රේන ගැටුම මේ වසරේ ගෝලීය වෙළඳ වර්ධනයේ තියුණු පහත වැටීමකට තුඩු දිය හැකි බව ලෝක වෙළෙඳ සංවිධානය කියයි
2022-04-12 14:51:11
Share with:

රුසියාව සහ යුක්රේනය අතර ගැටුම මේ වසරේ ගෝලීය වෙළඳ වර්ධනයේ තියුණු පහත වැටීමකට තුඩු දිය හැකි බව ලෝක වෙළෙඳ සංවිධානය පවසයි.

රුසියාව සහ යුක්රේනය අතර ගැටුම ගෝලීය ආර්ථිකයට බරපතල ඍණාත්මක බලපෑමක් ඇති කර ඇති බව පවසමින් ලෝක වෙළඳ සංවිධානයේ ලේකම් කාර්යාලය ඊයේ(11) වාර්තාවක් නිකුත් කළේය. පෙර පුරෝකථන හා සසඳන විට 2022 දී ගෝලීය වෙළඳ වර්ධනයේ අඩකට ආසන්න අඩුවීමක් ඇති විය හැකිය.

රුසියාව සහ යුක්රේනය අතර ගැටුම හේතුවෙන් මේ වසරේ ගෝලීය වෙළඳාමේ වර්ධන වේගය 2.4% ත් 3% ත් අතර අගයක් දක්වා අඩු විය හැකි බව මෙම වාර්තාව පෙන්වාදෙයි. ගෝලීය වෙළඳාමේ වර්ධන වේගය මේ වසරේ 4.7% දක්වා ළඟා වනු ඇතැයි සංවිධානය අනාවැකි පළ කර තිබුණේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ය.

රුසියාව සහ යුක්රේනය අතර ගැටුම මේ වසරේ ගෝලීය ආර්ථික වර්ධනය සියයට 0.7 ත් 1.3 ත් අතර ප්‍රතිශතයකින් 3.1% ත් 3.7% ත් අතර අගයක් දක්වා අඩු කරනු ඇතැයි ද වාර්තාව අනාවැකි පළ කර ඇත.

රුසියාව සහ යුක්රේනය අතර ගැටුම ගෝලීය ආහාර සහ බලශක්ති මිල ගණන් ඉහළ නංවා ඇති අතර රුසියානු සහ යුක්රේන නිෂ්පාදන අපනයනයට ද බාධාවක් වී ඇති බව වාර්තාව පෙන්වා දී තිබේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම