හයිනන් පළාත සහ ෂී ජින් පිං මහතා අතර පවතින ගැඹුරු බැඳීම
2022-04-11 19:37:38
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (10) දකුණු චීනයේ හයිනන් පළාතේ සන්යා නගරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.හයිනන් පළාත සහ ෂී ජින් පිං මහතා අතර පවතින ගැඹුරු බැඳීම මෙසේයි.

1979 වසරේ ජනවාරි මාසයේ ෂී ජින් පිං මහතා හයිනන් පළාතේ වාසය කළ සිය පියා වන Xi Zhongxun මහතා බැලීමට එම පළාතට පැමිණියා. එකල හයිනන් පළාත නොදියුණු,  දිළිඳුකමින් පෙළුණු දූපතක්.ඉන්පසු ගෙවුණු වසර 40ක කාලය තුළ ෂී ජින් පිං මහතා හයිනන් පළාතේ නිරීක්ෂණ චාරිකා රැසක නිරත වී තිබෙනවා. දේශසීමා මායිමේ පිහිටි මෙම කුඩා දූපත, සුවිශේෂී වාසි සහිත ජාත්‍යන්තර සංචාරක දූපතක් බවට ක්‍රමයෙන් සංවර්ධනය වීමේ ක්‍රියාවලිය හෙතෙම සියැසින් දුටුවා.

2018 වසරේ, හයිනාන් හි, පළාත් පාලනය යටතේ විශේෂ ආර්ථික කලාපයක් පිහිටුවීමේ 30 වැනි සංවත්සරය උදාවුණා.ඒ සඳහා පැවති සැමරුම් උත්සවයට සහභාගි වූ ෂී ජින්පිං මහතා හයිනාන් දූපතේ නිදහස් වෙළඳාම පිළිබඳ අත්හදා බැලීමේ කලාපයක් පිහිටුවීමේ වැදගත් තීරණය ප්‍රකාශ කළා. 

‘හයිනන් නිදහස් වෙළඳ වරාය’ ඉදිකිරීම සම්බන්ධයෙන්, ජනාධිපතිවරයා සවිස්තරාත්මකව උපදෙස් ලබා දුන්නා. වසර 2025 වන විට හයිනන් හි නිදහස් වෙළඳ පහසුකම් සහ නිදහස් ආයෝජන පහසුකම් සැලසීම කෙරෙහි අවධානය යොමුකරන නිදහස් වෙළඳ වරාය ප්‍රතිපත්ති පද්ධතිය ස්ථාපනය කිරීමට සැරසෙනවා. ඒ අනුව වසර 2035 වන විට හයිනන් දූපත චීනයේ විවෘත ආර්ථිකයේ නව ආදර්ශවත් කලාපයක් බවට පත්වීමට අපේක්ෂා කෙරෙනවා.එමෙන්ම මේ සියවසේ මධ්‍යම භාගය වින විට ශක්තිමත් ජාත්‍යන්තර බලපෑම් සහිත ඉහළ මට්ටමේ නිදහස් වෙළඳ වරායක් වශයෙන් හයිනන් දූපත ගොඩනගන බවද ෂී ජින්පිං මහතා පැවසුවා.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම